← Back to all songs
HYMN #KG 240

සුවඳ කැකුළු

Suwanda Kaekulu

දිව්‍ය පූජාව / සත්ප්‍රසාදය · Communion & Mass

240 සුවද කැකුළ සුවද කැකුළ පිබිදෙන්නට ජේසු ඔබ හිරුයි සිසිල සුවය අතුරන්නට ජේසු ඔබ සඳුයි පුංචි අපට ජීවිතයම ජේසුනේ ඔබයි ජීවිතයට සුවද සිසිල ජේසු අප ළගයි රටට ගමට සුවද වෙති ළමයි දැයට සවිය හැදෙන පරපුරයි මවපිය ගුරු හැමට ලැදිව දිවි ගෙවනට නිතර අපට පිහිටට එනු මැනවි ජේසුනී (( සිහිය නුවණ දිවියෙ මග සදයි පරම අමිල සමිඳු තිළිණයයි සව සතවෙත සෙතම මිසක විපතට එය කිසිම දිනක ඉඩ නොම දෙනු මැනවි ජේසුනී (( සමිඳු කෙතට සුවද සරු බවයි සරුව පැහුණු ගොයම දෙවි බහයි අස්වනු එක් රැස් කරන්න මෙහෙකරුවකු ලෙසට එන්න මා කැදවනු මැනවි ජේසුනී ((

~ Singlish Lyrics ~

240 suwada kaekula suwada kaekula pibidennata jesu oba hiruyi sisila suwaya athurannata jesu oba sanduyi pungachi apata jeewithayama jesune obayi jeewithayata suwada sisila jesu apa lagayi ratata gamata suwada wethi lamayi daeyata sawiya haedena parapurayi mawapiya guru haemata laediwa diwi gewanata nithara apata pihitata enu maenawi jesunee sihiya nuwana diwiye maga sadayi parama amila samindu thilinayayi sawa sathawetha sethama misaka wipathata eya kisima dinaka ida noma denu maenawi jesunee samindu kethata suwada saru bawayi saruwa paehunu goyama dewi bahayi aswanu ek raes karanna mehekaruwaku lesata enna ma kaedawanu maenawi jesunee

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →