← Back to all songs
HYMN #KG 224

සමාරිතානු ලඳ

Samarithanu Landa

දිව්‍ය පූජාව / සත්ප්‍රසාදය · Communion & Mass

224 සමරිතානු ළද

සමරිතානු ළද පිළිබද මියුරු කතාවේ

පුවත අසත රුව දිස්වේ ජේසුතුමාගේ

පිපාසයට පැන් ඉල්ලා සිටිය වතාවේ

කෙරුණු කතා බහද ඇසේ සවන් පිනායේ

මෙහෙව වතුර බොන හැම දෙන යළි පිපාස වේ

මා දෙන දිය බොන අය හට පවස ඇති නොවේ

ඉඳුරා පවසමි ඔබහට සදා ජීවනේ

ලබනු පිණිසැ ඔබ තුළ දිය උල්පතක් මැවේ

කිසිදා ඇති නොවන පිණිසැ ම හට පිපාසේ

ගැහැටක් ඇති නොවනට ඳුර ගමනෙ විඩාවේ

දෙනු මැන හිමියනි දෙනු මැන ඔබ කී ලෙස ඒ

සදා පවස සංසිඳුවන ජලය ජීවනේ

හෙළිවුණු විටැ සමිඳු මුවින් එළදගේ තතු

එතුමා දිවැසියකු බව මැ සැබව ඔ සිතු

රට පුරා මැ දිවැ ගිය ඈ ජන රැස් ඇමතු

ඇය කළ හැම දේ එතුමන් කී බව පැවැසු

~ Singlish Lyrics ~

224 samarithanu lada

samarithanu lada pilibada miyuru kathawe

puwatha asatha ruwa diswe jesuthumage

pipasayata paen illa sitiya wathawe

kerunu katha bahada aese sawan pinaye

mehewa wathura bona haema dena yali pipasa we

ma dena diya bona aya hata pawasa aethi nowe

indura pawasami obahata sada jeewane

labanu pinisae oba thula diya ulpathak maewe

kisida aethi nowana pinisae ma hata pipase

gaehaetak aethi nowanata ndura gamane widawe

denu maena himiyani denu maena oba kee lesa e

sada pawasa sangasinduwana jalaya jeewane

heliwunu witae samindu muwin eladage thathu

ethuma diwaesiyaku bawa mae saebawa o sithu

rata pura mae diwae giya aee jana raes aemathu

aeya kala haema de ethuman kee bawa paewaesu

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →