← Back to all songs
HYMN #KG 217

මගේ පාද පමණක්

Mage Pada Pamanak

දිව්‍ය පූජාව / සත්ප්‍රසාදය · Communion & Mass

සෝදනු මා හිස දෑතද

එදා ඔබේ අග සවවන් පැවසුවේ එසේ

සමිෙද අපද සෝදනු මැන

ඔබේ සිතැගි සේ ((

ඔබේ සිසුන්ගේ දෙපා දොවින්නට

බැගෑ සිතින් ඔබ පහත් වුණේ

එපා එපා යයි පිළිකෙව කෙරුණත්

සමිඳුනි ඔබ නෑ ඉඩ ඳුන්නේ ((

නො සේඳුවොත් මා අතින් ඔබේ පා

නොවේ කිසිඳු හවුලක් මා හා

නොතේරුණත් දැන් මා කරනා දේ

පසුවයි ඔබ වටහා ගන්නේ ((

මහා මහිමෙ කිතු සමිදරුවන්ගේ

පෙනෙන්නෙ එතුමන් දාස බවේ

බොහෝ දෙනෙකු අද නෑ පැහැදෙන්නේ

පහත්වීම දැක සමිඳුන්ගේ ((

අපේ සමිඳු ගුරු දෙවියන් කළ සේ

බැගෑ බවමැ පිළිගත යුතු වේ

එසේ කළොත් ඉඳුරා හැකිවනුයේ

යන්නට එතුමන් අනුගමනේ ((

තමන් තමන්ව මැ පහත් කරන්නෝ

උසස් තැනෙහි නංවනු ලබති

උඩගුකමින් මානයෙන් දැපෙන්නෝ

පහත් බවේ පතුලට හෙළෙති ((

~ Singlish Lyrics ~

sodanu ma hisa daethada

eda obe aga sawawan paewasuwe ese

samida apada sodanu maena

obe sithaegi se

obe sisunge depa dowinnata

baegae sithin oba pahath wune

epa epa yayi pilikewa kerunath

saminduni oba nae ida ndunne

no senduwoth ma athin obe pa

nowe kisindu hawulak ma ha

notherunath daen ma karana de

pasuwayi oba wataha ganne

maha mahime kithu samidaruwange

penenne ethuman dasa bawe

boho deneku ada nae paehaedenne

pahathweema daeka samindunge

ape samindu guru dewiyan kala se

baegae bawamae piligatha yuthu we

ese kaloth indura haekiwanuye

yannata ethuman anugamane

thaman thamanwa mae pahath karanno

usas thaenehi nangawanu labathi

udagukamin manayen daepenno

pahath bawe pathulata helethi

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →