← Back to all songs
HYMN #KG 216

ලබා ගන්න සාදා

Laba Ganna Sada

දිව්‍ය පූජාව / සත්ප්‍රසාදය · Communion & Mass

කියා දෙන්නැ කියා දෙන්නැ මා කළ යුතු දේ

කියා දෙන්නැ ජේසු සමිඳුනේ

කවුරුද ඒ ජේසුතුමන් මෙසේ ඇමතුවේ

නැමී වැටී දෙපා මුලේ එතුමාණන්ගේ

දනවතෙකි මහා එසේ විමැසුවේ

එහෙත් අනේ කලකිරිලා ඇයිදැ ඔහු ගියේ

අනුවැ ගියෙමි දේව පනත් සිටැ යොවුන් වියේ

එයට වැඩියෙ කුමක්දැ මා සමිෙද කරන්නේ

දිළිඳුනට පුදා ඔබ සතු සැම දේ

එන්නැ එන්නැ හිස් අතින් මැ මා පසු පස්සේ

ජේසුතුමන් කී මෙවදන් ඇසූ පොහොසතා

මිලානවී කරබාගෙනැ ගියේයැ පසු බා

සමිඳු මෙත් වඩා උන් ගැනැ මැ සිතා

ඔවා මුවින් වදාළෝයැ, මෙකරුණු හැරැපා

ඇහැකි වුනත් ඔටුවකු හට යන්නට රිංගා

ඉදිකටු සිඳුරෙකින් වුවද සැකයට කම නෑ

ඒ එසේ නමුත් පොහොසතකුට නම

මෝක්ෂයට ඇතුළවීම ලෙහෙසි වන්නෙ නෑ

දැන් මුල් තැන් ගෙනැ ඉන්නෝ වෙති අන්තිමයෝ

අද අන්තිමයෝ ඉදිරියෙ වෙති මූලිකයෝ

අපට සවිය නෑ කරනට හැමදේ

අපව මැවූ දෙවිඳුට කළ හැකිය සියලු දේ

~ Singlish Lyrics ~

kiya dennae kiya dennae ma kala yuthu de

kiya dennae jesu samindune

kawuruda e jesuthuman mese aemathuwe

naemee waetee depa mule ethumanange

danawatheki maha ese wimaesuwe

eheth ane kalakirila aeyidae ohu giye

anuwae giyemi dewa panath sitae yowun wiye

eyata waediye kumakdae ma samida karanne

dilindunata puda oba sathu saema de

ennae ennae his athin mae ma pasu passe

jesuthuman kee mewadan aesoo pohosatha

milanawee karabagenae giyeyae pasu ba

samindu meth wada un gaenae mae sitha

owa muwin wadaloyae mekarunu haeraepa

aehaeki wunath otuwaku hata yannata ringaga

idikatu sindurekin wuwada saekayata kama nae

e ese namuth pohosathakuta nama

mokshayata aethulaweema lehesi wanne nae

daen mul thaen genae inno wethi anthimayo

ada anthimayo idiriye wethi moolikayo

apata sawiya nae karanata haemade

apawa maewoo dewinduta kala haekiya siyalu de

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →