← Back to all songs
HYMN #KG 214

පෙම් කරන්න

Pem Karanna

දිව්‍ය පූජාව / සත්ප්‍රසාදය · Communion & Mass

දිවි ගෙවන්න එකමුතු වී සමිඳුන් තුළ සාමයෙන්

ඔබට වඩා අනුන් උතුම කොට නිරතුරු සළකන්න

උඩගු නොවී අසල්වැසියනට බුහුමන් දක්වන්න

අලස නොවී සිතට දිරිය ගෙන කටයුතු සපුරන්න

සමිඳු කෙරේ බැතිය පෙරටු කොට සේවය සලසන්න

සැපතෙහිදී සිතෙන් උදම නොව සතුටට පත්වන්න

විපතෙහිදී නොපසුබටව තව ඉවසිලිමත් වන්න

උදය හවා දෙවිඳු යැඳුම නම අතපසු නොකරන්න

අසරණයන් පිහිට පතන විට පිළිසරණය වන්න

ඳුක් පීඩා කරන අය කෙරේ සාමය පතුරන්න

ඔබට පවා වරද කරන විට නපුරක් නොකරන්න

සතුටු සිනා රැළි නැෙගනා විට ඔබද සිනාසෙන්න

ඳුකට වැටී අනුන් පෙළෙන විට සැබවින් ඳුක්වන්න

සියලු දෙනා සමග සමගියේ අමරස විද ගන්න

පහන් සිතින් යහගුණ ඇතියන් ඇසුරට පත් වන්න

හැම විටදී හොද හැසිරීමෙන් ආදර්ශය දෙන්න

දැහැමි බවින් ඔබ හැම නපුරම යටපත් කරලන්න

~ Singlish Lyrics ~

diwi gewanna ekamuthu wee samindun thula samayen

obata wada anun uthuma kota nirathuru salakanna

udagu nowee asalwaesiyanata buhuman dakwanna

alasa nowee sithata diriya gena katayuthu sapuranna

samindu kere baethiya peratu kota sewaya salasanna

saepathehidee sithen udama nowa sathutata pathwanna

wipathehidee nopasubatawa thawa iwasilimath wanna

udaya hawa dewindu yaenduma nama athapasu nokaranna

asaranayan pihita pathana wita pilisaranaya wanna

nduk peeda karana aya kere samaya pathuranna

obata pawa warada karana wita napurak nokaranna

sathutu sina raeli naegana wita obada sinasenna

ndukata waetee anun pelena wita saebawin ndukwanna

siyalu dena samaga samagiye amarasa wida ganna

pahan sithin yahaguna aethiyan aesurata path wanna

haema witadee hoda haesireemen aadarshaya denna

daehaemi bawin oba haema napurama yatapath karalanna

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →