← Back to all songs
HYMN #KG 210

මිතුරනට වගේ

Mithuranata Wage

දිව්‍ය පූජාව / සත්ප්‍රසාදය · Communion & Mass

එයයි දේව දරුකමේ අගේ ((

දමිටු අයට මෙන් අදමිටු දනට දෙවිපියා

උදා කරන සැටි හිරු සඳු බලව නෙත් අයා

සුදනන් හා ඳුදන අතර වෙනසක් නොතකා

වැසි පල දෙන සැටි සලකව සමව පා දයා

හිතැති අයට දයා ගුණය පෑම පහසුවේ

කවරුනට ද කලහැකි ඒ අරුමයක් නොවේ

පෙම කිරීම ඔබට වෛර කරන අය කෙරේ

උසස් මිනිස් ගුණයකි ඉන් විපුල පල ලැබේ

සතුරන් හට සාප නොකර සිටිනු එය අගේ

පතනු ඉත සිතින් වෙනසක් ඔවුන් දිවි මගේ

දැහැමියාව රජ යන්නට ඔවුන් හද ගැබේ

යදිනු මැනවි දෙවි සමිඳුන් සැනසුමක් ලැබේ

ලබනු පිණිසැ තුති පැසසුම දන් දෙනු නොවටී

ගරු බුහුමන් ලබනුව සිල් රැකුම ද නොහොබී

සුරතින් දෙන දෙය වමතට හගවනු නොසරි

රහසිගතවූ පින් දහමේ අනුසස් බෙහෙවී

ගැලවුමකරු ජේසු තුමා කරුසිය මතදී

සතුරනට පවා දෙවිඳුන් කමාව අයැදී

දකුණෙහි හුන් සොරා වරද පිළිගත් විටදී

ගිවිසූ සැටි සග සැප ඔහු හට පෙම බස්දී

අසීමිතයැ මහ ගුණ කද දෙවි සමිඳුන්ගේ

අසීමිතයැ අප වෙත පෑ පෙම එතුමන්ගේ

ඒ නිසාමැ දෙවපිය දරු කැළ වන අපගේ

යහ ගුණ දම සීමාකොට නොතැබිය යුතුවේ

~ Singlish Lyrics ~

eyayi dewa darukame age

damitu ayata men adamitu danata dewipiya

uda karana saeti hiru sandu balawa neth aya

sudanan ha ndudana athara wenasak nothaka

waesi pala dena saeti salakawa samawa pa daya

hithaethi ayata daya gunaya paema pahasuwe

kawarunata da kalahaeki e arumayak nowe

pema kireema obata waira karana aya kere

usas minis gunayaki in wipula pala laebe

sathuran hata sapa nokara sitinu eya age

pathanu itha sithin wenasak owun diwi mage

daehaemiyawa raja yannata owun hada gaebe

yadinu maenawi dewi samindun saenasumak laebe

labanu pinisae thuthi paesasuma dan denu nowatee

garu buhuman labanuwa sil raekuma da nohobee

surathin dena deya wamathata hagawanu nosari

rahasigathawoo pin dahame anusas behewee

gaelawumakaru jesu thuma karusiya mathadee

sathuranata pawa dewindun kamawa ayaedee

dakunehi hun sora warada piligath witadee

giwisoo saeti saga saepa ohu hata pema basdee

aseemithayae maha guna kada dewi samindunge

aseemithayae apa wetha pae pema ethumange

e nisamae dewapiya daru kaela wana apage

yaha guna dama seemakota nothaebiya yuthuwe

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →