← Back to all songs
HYMN #KG 203

කාලය එනතුරු

Kalaya Enathuru

දිව්‍ය පූජාව / සත්ප්‍රසාදය · Communion & Mass

කෙතේ තිරිගු රැකගන්න

එකට වැඩෙන්නට එකම බිමේ

කිරිදි වලට ඉඩ දෙන්න

කිරිදි තිරිගු පැල එක යායේ

වැඩුනත් කුමටද බිය වනුයේ

මෝරා අස්වනු නෙළන පැයේ

කිරිදි කපා වෙන්කල හැකි වේ

සුදන ඳුදන මිනිසුන් මෙලොවේ

එක්ව සිටියදෙන් මහ පොළොවේ

පින පව තුලනය වන දවසේ

තීරණ දෙවි විනිසුරු සතුවේ

දමිටු අදමිටුන් අප අතරේ

හඳුනා ගැනුමටද පහසු නොවේ

සගුණ නුගුණ දෙක මුසුව තියේ

මිනිසුන් තුළ මේ දෙරණ පිටේ

මිනිසුන් යහගුණ අගේ කරව

නුගුණ කියා නින්දා නොකරව

එවන් වැරදි දැක කමා කරව

පසිදලීම දෙවිඳුට පවරව

~ Singlish Lyrics ~

kethe thirigu raekaganna

ekata waedennata ekama bime

kiridi walata ida denna

kiridi thirigu paela eka yaye

waedunath kumatada biya wanuye

mora aswanu nelana paeye

kiridi kapa wenkala haeki we

sudana ndudana minisun melowe

ekwa sitiyaden maha polowe

pina pawa thulanaya wana dawase

theerana dewi winisuru sathuwe

damitu adamitun apa athare

handuna gaenumatada pahasu nowe

saguna nuguna deka musuwa thiye

minisun thula me derana pite

minisun yahaguna age karawa

nuguna kiya ninda nokarawa

ewan waeradi daeka kama karawa

pasidaleema dewinduta pawarawa

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →