← Back to all songs
HYMN #KG 202

ලොවේ පහස

Lowe Pahasa

දිව්‍ය පූජාව / සත්ප්‍රසාදය · Communion & Mass

මව කුසයේ ඔබ සිටිනා සමයේ

මම ඔබ තෝරා පත් කර ගත්තෙමි

මා දෙසනා දම දහර දෙසන්නට

මා අණ කරනා සැම තැන යන්නට

මා අණ කරනා සැමදේ දෙසන්නට

සැලෙනු එපා බිය ගෙන හද පත්ලෙන්

මම ඔබ අත ගෙන එමි ඔබ සමගින්

ඳුබල වූවන් හට සැනසුම දෙන්නට

රෝගී වූ සැම දෙන සුවපත් කරනට

දිරිගෙන ඉදිරි බලා එනු පුතුනේ

මම ඔබ අත ගෙන එමි ඔබ සමගින්

පැටලුනු දිව ඔබේ දිග ශරවන්නට

සැලෙන හදවතේ දිරිය ගෙනෙන්නට

මුළ ලොව හමුවේ නොසැලි සිටින්නට

මම ඔබ අත ගෙන එමි ඔබ අබියස

නෙත් අද අයගේ නෙත් පාදන්නට

වැසුනු සවන් යලිත් පාදා දෙන්නට

දිළිඳුන් වෙත ගොස් දහම දෙසන්නට

මම ඔබ අත ගෙන එමි ඔබ සමගින්

~ Singlish Lyrics ~

mawa kusaye oba sitina samaye

mama oba thora path kara gaththemi

ma desana dama dahara desannata

ma ana karana saema thaena yannata

ma ana karana saemade desannata

saelenu epa biya gena hada pathlen

mama oba atha gena emi oba samagin

ndubala woowan hata saenasuma dennata

rogee woo saema dena suwapath karanata

dirigena idiri bala enu puthune

mama oba atha gena emi oba samagin

paetalunu diwa obe diga sharawannata

saelena hadawathe diriya genennata

mula lowa hamuwe nosaeli sitinnata

mama oba atha gena emi oba abiyasa

neth ada ayage neth padannata

waesunu sawan yalith pada dennata

dilindun wetha gos dahama desannata

mama oba atha gena emi oba samagin

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →