HYMN #B266
මෙලොව තිබෙන අමිල නිමල මධුර සැප එපා
Melova Thibena Amila Nimala Madhura Sapa Epaa
මෙලොව තිබෙන අමිල නිමල
මධුර සැප එපා
උදය සවස වැළඳ වඳිමි
දෙවිඳේ ඔබෙ දෙපා
මගේ ජීවිතේ පියේ
මා පිදුවෙ ඔබ හටයි
වෙන් නොවෙමි දිවි තිබෙන තෙක්
කැප කෙරුවේ ඔබ හටයි //
ප්‍රේමයෙන් බැඳී නිතරම
ඔබට ස්තුති දිදී
මම සිටිමි සැමදා ඔබගේ
පාමුලේ රැඳී
මුළු ලෝකයාම ඔබගෙ
ගතිගුණය නොහඳුනනා
ලතවන්නේ යක්ෂයාගෙ
ඒ කුටියෙ දොර හැරා //
ප්‍රේමයෙන් පියේ ඔබගේ
සාමයෙන් පියේ
මුදවන්න සැම දෙන
ඔවුන්ගේ පාපයෙන් පියේ
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →