HYMN #B048
අනගි තරුව අඹරේ දිලෙනා
Anagi Tharuva Abarea Dhilenaa
අනගි තරුව අඹරේ දිලෙනා
ලෝකේ එළි කරනා
අඳුරු රැයක තරු රැස් විහිදා
මං මුළාවුන් ගෙනෙනා //
තාරකාව පෙරින් දැකලා
නැණවතුන් ආවේ සොයා
ගෝහල බිළිඳා දිටී
පුදකළේ පඬුරු මනා...
යටහත් වූ දෙව් කුමරා
මනුවෙස් ගෙන පෙමිනා
පවිටුන් මුදන ලෙසා
උපනි දුගී ලෙනකා...
මන්ත්‍රියාණෝ සාමේ කුමරා
සව් බලැත් දෙවිඳුතුමා
මේ බිළිඳු ගෙල මතුයේ
ඇත රාජ්ජය පිහිටා...
සගෙන් බැස ආ බැවිනා
හෙලි වී දෙව් රහසා
පවඳුරු දුරුවී ලොවේ
මහිමේ දිස්වේ දසතා...
ප්‍රේමේ රාජ්ජය බොහෝ සේ
නැගී එන සේ හදෙහි
මහදේ ජනිතවන්න
මෙන්න හද ගෝහලකි...
ශ්‍රේෂ්ඨ සුරිඳා ගව ඔරුව තුළේ
සාමේ උවනින් දිලේ
බිළිඳු කුමරුන් මාගේ යේසුන්
මා හද තුල රජවන් //
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →