තිලෝම සුරකිනවා
Thiloma Surakinawa
198 තිලොව සුරකිනා
තිලොව සුරකිනා පියදෙව සමිෙද්
අසරණ මගේ පිළිසරණය ඔබයි සමිඳුනේ
මගේ ජීවිතේ ජය මාවත ඔබ වේ
ඔබෙන් පිටත දිනුම කණුව නැත හමුවන්නේ
අනේ සමිඳුනේ ඔබේ නිවහනේ
ඉන්න සැමදිනේ දෙන්න අවසරේ ((
ජීවිත කතරේ සසර මග ගෙවා
යන විට මා යායුතු මග ඔබ පෙන්වනවා
යන මග නොපෙනී ඝන අඳුර වැටෙද්දී
මගේ අත ගෙන ඔබ මා නිසි මග ගෙනයනවා
මගෙ ජීවිතේ කඳුළ පිසදමා
මට සැනසුම ගෙන දෙන්නේ ඔබයි සමිෙද්
අඳුරු මගේ සිතේ ඝන අඳුර බිද දමා
ආලෝකය ගෙන දෙන හිරු ඔබමය සමිෙද්
සතුරන් හමුවේ ඔබ මා හැරදා
අසරණ නොකරන බව මම දනිමි සමිඳුනේ
එබැවින් ඔබගේ නිති සුව දෙන නිවසේ
වසනට අවසර දෙනු මැන ඒ ඇත මට පියේ
~ Singlish Lyrics ~
198 thilowa surakina
thilowa surakina piyadewa samid
asarana mage pilisaranaya obayi samindune
mage jeewithe jaya mawatha oba we
oben pitatha dinuma kanuwa naetha hamuwanne
ane samindune obe niwahane
inna saemadine denna awasare
jeewitha kathare sasara maga gewa
yana wita ma yayuthu maga oba penwanawa
yana maga nopenee gana andura waeteddee
mage atha gena oba ma nisi maga genayanawa
mage jeewithe kandula pisadama
mata saenasuma gena denne obayi samid
anduru mage sithe gana andura bida dama
aalokaya gena dena hiru obamaya samid
sathuran hamuwe oba ma haerada
asarana nokarana bawa mama danimi samindune
ebaewin obage nithi suwa dena niwase
wasanata awasara denu maena e aetha mata piye
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →