← Back to all songs
HYMN #KG 172

කුමක් කමුද

Kumak Kamuda

දිව්‍ය පූජාව / සත්ප්‍රසාදය · Communion & Mass

ලතැවී ඉන්නෙ මන්ද සොයුර පියෙක් ඇත බලා

කුරුළ රංචු කැදලි කරා පියාසර කරයි

කෑම පතා අටුකොටුවල රැස් කර නොතබයි

මානෙල් මල් කෙතෙහි පැළදී ලස්සන කදිමයි

සරසවන්න නූල් කැටුවෙ කවුරුද පුඳුමයි

උසින් වියත කැමති ලෙසට ලබා ගත නොහේ

හිසේ වර්ණෙ සිතු ලෙසට වෙනස් කළ නොහේ

සැකය ඇයිද දරුවකු වෙත අසහනය දැනී

ඔබට පියෙක් ඇත සගයේ ආදරෙන් පිරි

මෙලෝ සැපත මවත ධනය විනාසෙට ඇදෙයි

දෙවිඳු සතුට සොයා යන්න සියළ දෙය ලැබෙයි

නපුරු පියත් තම දරුවනට සුවසෙත සලසයි

කරුණාබර සගේ පියා ඔබම සොයා එයි

~ Singlish Lyrics ~

lathaewee inne manda soyura piyek aetha bala

kurula rangachu kaedali kara piyasara karayi

kaema patha atukotuwala raes kara nothabayi

manel mal kethehi paeladee lassana kadimayi

sarasawanna nool kaetuwe kawuruda pundumayi

usin wiyatha kaemathi lesata laba gatha nohe

hise warne sithu lesata wenas kala nohe

saekaya aeyida daruwaku wetha asahanaya daenee

obata piyek aetha sagaye aadaren piri

melo saepatha mawatha danaya winaseta aedeyi

dewindu sathuta soya yanna siyala deya laebeyi

napuru piyath thama daruwanata suwasetha salasayi

karunabara sage piya obama soya eyi

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →