← Back to all songs
HYMN #B234

මේ මිදීම දුන් (ගී දෙම් ගී දෙම්)

Mea Midheema Dhun Gee Dhem Gee Dhem

මේ මිදීම දුන් යේසු පා බැතිනා

ප්‍රේමෙන් නමදිම් මා ///

නිතිනා පසසන්නා

ගී දෙම් /// සමිටා

ආත්මෙන් පිරී මෙදිනා

ස්තුතියෙන් ස්වාමින් තුලේ හැකිවේ

ශබ්දේ අසන්නටා ///

ප්‍රීති බොහෝ එවිටා

ප්‍රශංසාවෙන් ආත්මේ රුපුන් හැකිවේ

පරදා ජය ගන්ටා ///

නොවේ බියක් කිසිදා

මේ ස්තුතියෙන් බෝ ආසිරි හිමිවේ

අදහන ඔබ සැමටා ///

සෑමදේ ඉටුවෙන්නා

දූත සේනා ගීයෙන් නමදිමිනා

උසස් තැන් දෙවිඳුන්ටා ///

සදාකල් පසසමිනා

පැසසුම් දී සිත සහනේ ලබමින්

හිමිගේ සෙවනේ මා ///

සුරැකෙම් ප්‍රීතියෙනා

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →