දුවන ලෙසට
Duwana Lesata
ඳුවන ලෙසට පවසෙ පෙළි පෙළි
මුව දෙන උල් දියට සුසුම ලා
හැපෙයි මගේ දෙවියනේ
මගෙ අත් බව ඔබමැ සොය සොයා ((
වතට වත දිදි දකිමි ඔබ මම කෙදා
දෙවිඳු මගේ සුරිඳු මගේ එකමැ හිමි සදා
මගෙ පණ වන ඔබට දෙවියනේ
මන දොල මගෙ සයින් තැවෙන්නේ
ලැබෙනු ඇති දැ මට කෙදා
දැකැ ගන්නට මුහුණ දෙවි සදා ((
උදේ හවහේ මගේ අහර නේ - ගලන කඳුළ මගේ ඇස් දෙකේ
දෙවියෝ කොහෙදැ දැන් තගේ
ඇනුම බැණුම ඇසේ ඇමැ දිනේ ((
කොහොම ගියෙමි සෙනග සමගෙදා බලා මැඳුර දෙවිඳු වදිනටා
සිහිවන වත එහෙවි දා
හද මගෙ යෙයි දැනුත් උතුරලා ((
පසස ගැයුම තුති ගී මැද්දේ - ජය මංගල උදන් නෙ සිරියේ
එදා ගෙවුණෙ කොහොමැදෝ
සිහි වන විට තවමැ හද තැවේ ((
ඇයිදැ තවමැ ආත්මයෙණි මේ - ඳුකට පත්වැ ඉන්නේ වැලැපී
නොසන්හිදි තැවෙන්නේ - පතා හිඳුව දෙවියන් සරණෙ ((
~ Singlish Lyrics ~
nduwana lesata pawase peli peli
muwa dena ul diyata susuma la
haepeyi mage dewiyane
mage ath bawa obamae soya soya
wathata watha didi dakimi oba mama keda
dewindu mage surindu mage ekamae himi sada
mage pana wana obata dewiyane
mana dola mage sayin thaewenne
laebenu aethi dae mata keda
daekae gannata muhuna dewi sada
ude hawahe mage ahara ne galana kandula mage aes deke
dewiyo kohedae daen thage
aenuma baenuma aese aemae dine
kohoma giyemi senaga samageda bala maendura dewindu wadinata
sihiwana watha ehewi da
hada mage yeyi daenuth uthurala
pasasa gaeyuma thuthi gee maedde jaya mangagala udan ne siriye
eda gewune kohomaedo
sihi wana wita thawamae hada thaewe
aeyidae thawamae aathmayeni me ndukata pathwae inne waelaepee
nosanhidi thaewenne patha hinduwa dewiyan sarane
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →