← Back to all songs
HYMN #KG 159

සමිඳුනි ඔබටම

Saminduni Obatama

පඬුරු පිදීම · Offertory

සියලු දෙයින් සුසුඳු සිතිත් - මම පුදමි පුදමි

පිදෙමි සදා පර නොවන මලක් සේ

ඔබෙ මහිමය උදෙසා

පිදෙමි තවද නොනිවෙන පහනක් සේ

ඔබගෙ එලිය පතුරා

රසය බිදක් හෝ නොඅඩු ලවණ ලෙස

පිදෙමි රසය වගුරා

පිදෙමි පිදෙමි මම පුදමි පුදමි මම

ඔබට කැපව සැමදා

මා සතු සියලුම දේ ඔබගේ බව

හොදින් හැදින පුදමි

සදහට ඔබහට මා ණය ගැති බව

සිතා බැතින් පුදමි

දකුණත දෙන දෙය වම නොදකින ලෙස

ඔබගෙ නමින් පුදමි

රිදෙන තුරුම මම ඔබේ නමට තුති

දෙමි පිදෙමි පුදමි

මගේ සියලු දෙය මගේ සියලු දෙන

මගේ සියලු ආශා

මගේ සියලු ඳුක සහ සැම සොමනස

මගේ මුළ දිවිය පුරා

ඔබට පඩුරු ලෙස ඔබට පුදමි මම

හැම මොහොතක් පාසා

ඔබට ඔබටමය දෙවිඳු ඔබටමය

මගේ පිඳුම සපුරා

~ Singlish Lyrics ~

siyalu deyin susundu sithith mama pudami pudami

pidemi sada para nowana malak se

obe mahimaya udesa

pidemi thawada noniwena pahanak se

obage eliya pathura

rasaya bidak ho noadu lawana lesa

pidemi rasaya wagura

pidemi pidemi mama pudami pudami mama

obata kaepawa saemada

ma sathu siyaluma de obage bawa

hodin haedina pudami

sadahata obahata ma naya gaethi bawa

sitha baethin pudami

dakunatha dena deya wama nodakina lesa

obage namin pudami

ridena thuruma mama obe namata thuthi

demi pidemi pudami

mage siyalu deya mage siyalu dena

mage siyalu aasha

mage siyalu nduka saha saema somanasa

mage mula diwiya pura

obata paduru lesa obata pudami mama

haema mohothak pasa

obata obatamaya dewindu obatamaya

mage pinduma sapura

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →