← Back to all songs
HYMN #KG 149

සමිඳු වෙතට

Samindu Wethata

පඬුරු පිදීම · Offertory

බැතිය පුරන් පඩුරු අරන් දෙවි වදිනට යා

සියල් ලොවම එළිය කෙරූ

නිමල දහම සුව පැතුරූ

නැණ බලයෙන් සත සපිරූ

නිවන සෙවන සැමට පෙරූ

කඳුළ පිරුණු නෙතු වියැලු

වෙහෙසෙන පා සෙවන සැලු

මුවින අමා බස් තෙපලු

ලොවතුරු අගයෙන් පෙරලු

දෙවිඳු මතය ලොව සපිරු

පවිටු වහල් දනන් සෙවු

කරුණා නෙත් ලොවට පෙවු

නිවන සෙවන සතට මැවු

~ Singlish Lyrics ~

baethiya puran paduru aran dewi wadinata ya

siyal lowama eliya keroo

nimala dahama suwa paethuroo

naena balayen satha sapiroo

niwana sewana saemata peroo

kandula pirunu nethu wiyaelu

wehesena pa sewana saelu

muwina ama bas thepalu

lowathuru agayen peralu

dewindu mathaya lowa sapiru

pawitu wahal danan sewu

karuna neth lowata pewu

niwana sewana sathata maewu

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →