← Back to all songs
HYMN #KG 146

තෙල් මල් සුවඳ

Thel Mal Suwanda

පඬුරු පිදීම · Offertory

තෙල් මල් සුවද සඳුන්

දෝත පුරා ගෙනෙමින්

බැතියෙන පුදසුන මත තබමින්

පුද දෙමු පඩුරු ලෙසින්

අප මුළ දිවිය පුරා දැරු ඳුක් කඳුළ තබා

මේ කුසලානෙන් ඔබට පුදන්නට

ගෙන එමු පඩුරු ලෙසින්

ලොව යස ඉසුරු දිනා විදි සුව සතුටු සිනා

යළි ඔබ අතටම නතුකර දෙන්නට

ගෙන එමු පඩුරු ලෙසින්

අප හා අප සතු දේ දෙවිඳුනි ඔබට පිදේ

ඔබ දෙවි බව තුළ පිරිපුන් වන්නට

දෙනු මැන අපට වරම

~ Singlish Lyrics ~

thel mal suwada sandun

dotha pura genemin

baethiyena pudasuna matha thabamin

puda demu paduru lesin

apa mula diwiya pura daeru nduk kandula thaba

me kusalanen obata pudannata

gena emu paduru lesin

lowa yasa isuru dina widi suwa sathutu sina

yali oba athatama nathukara dennata

gena emu paduru lesin

apa ha apa sathu de dewinduni obata pide

oba dewi bawa thula piripun wannata

denu maena apata warama

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →