← Back to all songs
HYMN #KG 142

සමන් පිච්ච

Saman Pichcha

පඬුරු පිදීම · Offertory

හිමිදිරි උදයේ පිණිපොද අතරින්

නෙළා ගෙනාවා ජේසු නෙළා ගෙනාවා

ඔබ පුදන්න ජේසු, නෙළා ගෙනාවා

රෝස මලේ පැහය ගෙනා ඔබෙ පහන් බවයි

සුඳු අරලිය පෙති අරගත් මුඳු මොළොක් බවයි

දෝතින් ගෙන මහද තුලට ළං කර ගනිමී

ඉන් පිබිදී දවස පුරා ඔබ ලග හිදිමී

හිමිදිරියේ එන පිණිපොද ඔබයි සමිඳුනේ

ඉන් නැහැවෙන සිනිඳු පියළි මමයි සමිඳුනේ

දොරට වඩින ළා හිරු රැස් ඔබයි සමිඳුනේ

එළිය ලබන නිල් තණ මමයි සමිඳුනේ

~ Singlish Lyrics ~

himidiri udaye pinipoda atharin

nela genawa jesu nela genawa

oba pudanna jesu nela genawa

rosa male paehaya gena obe pahan bawayi

sundu araliya pethi aragath mundu molok bawayi

dothin gena mahada thulata langa kara ganimee

in pibidee dawasa pura oba laga hidimee

himidiriye ena pinipoda obayi samindune

in naehaewena sinindu piyali mamayi samindune

dorata wadina la hiru raes obayi samindune

eliya labana nil thana mamayi samindune

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →