HYMN #B088
මැවුම්කාර දෙවිතුම මට ප්‍රේම කල නිසා
Mavumkaara Dhevithuma Mata
මැවුම්කාර දෙවිතුම මට
ප්‍රේම කල නිසා
මිනිස් වෙසින් වැඩියා මේ
ලොවට මා නිසා
පව්කරුවන් ගලවන්නට
පාපෙන් ශාපෙන්
දෙවිතුම බිහි වුනා ලොවට
යේසුස් නාමෙන්
ලොවට යේසුස් නාමෙන්
මිනිසෙකු ලෙස යහපත කොට
යෞවන වයසේ
නිහඬ මුවුනි දරා ගත්තේ
ඒ රුදු කුරුසේ
ගත්තේ ඒ රුදු කුරුසේ
කිරුසිය මත ඇණ ගැසුමෙන්
කල්වරි කන්දේ
යේසුස් සමිඳු අප හින්දයි
මරණය වින්දේ
ඒ මරණය වින්දේ
මරණ බලය පරදවින්
ඉන් ජයගත්තු
ප්‍රථම ඵලය වුණා ස්වාමි
යේසුස් ක්‍රිස්තුස්
ස්වාමි යේසුස් ක්‍රිස්තුස්
සගපුර දෙව් සිංහාසනේ
දකුණු පස සිට
මැදහත්කම් කරනවා අද
යේසු අපහට
සමිඳු යේසු අපහට
කිතු පරපුර බිහි කරන්ට
මෙලොව මුළුල්ලේ
අත්වැල් බැඳ එක්සත් වෙමු
සමිඳු තුරුල්ලේ
කිතු සමිඳු තුරුල්ලේ
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →