← Back to all songs
HYMN #B166

ඇණ ගැසුවාවූ අත් විහිදමිනේ

Ana Gasuvaavoo Ath Vihidhaminea

ඇණ ගැසුවාවූ අත් විහිදමිනේ //

ප්‍රේමයෙන් යේසුස් ඔබ කැඳවයි //

බලනුව හිමි දෙස කස පහර ලැබූ පසු

බර කුරුසිය ගෙන වැටි වැටි යන සේ //

පාපයේ සාපය ඉසුලුවේ ඔබටයි

බිය හැර හිමි වෙත එව් //

මත් වෙලාදෝ ඔබ ලෝ මායාවේ

මේ සැම දේවල් අප වනසනවා //

පිළිගෙන මේ දේ හිමි වෙත එනුවා

සරණ ලබාගනු දැන් //

කරුණාවෙ දොරටුව වසනට පෙර ඔබ

පසුතැවිලිව ගැලවුම ලබාගනු දැන් //

නව දිවියක් දී දිනෙන් දින වැඩෙන්නට

කරුණාව කිතු හිමි දෙයි //

යේසුස් හිමි හැර නැත ගැලවුම දෙන

නාමය මේ ලෝ දෙවිඳුන් පවසයි //

හිමි මඟ සත්‍යය ජීවය දෙන්නේ

ඔබ සියල්ලෙන් සියල්ලයි //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →