සිහිවෙනවා
Sihiwenawa
ඔබ ගැනැ ඔබේ පුත් ජේසු තුමා කියාපු විසිතුරු විස්මත කථා
පියාගේ වග තඟ මට හඳුනා දෙන්න හිතා ඔබ කීව කථා
බාල අකීකරු පුතා එදා පියාව අත්හැර දමා ගියා
උපමාවක් ලෙසැ මා සදහා කීව වගේ ඒ මට හැෙගනා
පියාව අත් හැරැ දමා ගියේ ඈත්වෙලා ඳුර රටකට නේ
ඒ මේ සසරේ ඳුර කතරේ තතු මට හොද හැටි වැටැහෙන්නේ
පිතාට වුණු දේ මටත් වුණේ මොනවා හොයා මා මෙහි ඉන්නේ
ඉසුරු කියා මා මෙතෙක් අනේ සෙවවේ වසුරුයි මගේ පියේ
පුතා එදා හොද සිහිය ලබා පියාද ගෙදර ද සිහිකෙරුවා
ඇයි යන්නේ මා මෙහි මැරිලා නැගිටිම යමි මම පියා සොයා
මේ සසරේ මම මිදි එදා එමි ද පියේ ඔබේ වහල සොයා
මා එනතුරු ඔබ සුසුම හෙලා ඇස් දිගු කැරැගෙන සිටිති බලා
කවදා ඔබ මගෙ බෙල්ල බදා හාඳු දිදි පිළිගන්නේ මා
මුඳුවක් ඇගිල්ලේ මගේ දමා මගුල් ඇඳුම මට පොරවාලා
සාදාකාල මංගල මෙසේ බොජුනට මා ළංකැරැ ගන්නේ
ර්‍ණනොදකින” දේ මා අදහන්නේ, අදහන දේ මා දැකැගන්නේ
~ Singlish Lyrics ~
oba gaenae obe puth jesu thuma kiyapu wisithuru wismatha katha
piyage waga thanga mata handuna denna hitha oba keewa katha
bala akeekaru putha eda piyawa athhaera dama giya
upamawak lesae ma sadaha keewa wage e mata haegana
piyawa ath haerae dama giye aeethwela ndura ratakata ne
e me sasare ndura kathare thathu mata hoda haeti waetaehenne
pithata wunu de matath wune monawa hoya ma mehi inne
isuru kiya ma methek ane sewawe wasuruyi mage piye
putha eda hoda sihiya laba piyada gedara da sihikeruwa
aeyi yanne ma mehi maerila naegitima yami mama piya soya
me sasare mama midi eda emi da piye obe wahala soya
ma enathuru oba susuma hela aes digu kaeraegena sitithi bala
kawada oba mage bella bada handu didi piliganne ma
munduwak aegille mage dama magul aenduma mata porawala
sadakala mangagala mese bojunata ma langakaerae ganne
rnanodakina de ma adahanne adahana de ma daekaeganne
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →