← Back to all songs
HYMN #KG 75

හිරු උදා වෙලා

Hiru Uda Wela

දිව්‍ය පූජාව / සත්ප්‍රසාදය · Communion & Mass

නොයන තුරු බැසා

සමිඳුන් නම පසස ගොසින් වනව බබුළවා

ආලේලූයියා ආලේලූයියා

පසස සිටිව සමිඳුන් මෙහෙකරුවනේ

පසස සිටිව නම හිමි පා සඳුන්ගේ

හිමිපාණන් නමට දැනුත් නිති දිනේ

ගරු බුහුමන් සෙත් ආසිරි ලැබෙන්නේ

අදිපතියෝ වෙති සමිදෝ මුළ ලොවේ

එතුමෝ වෙති මහිමෙන් මහා උතුමාණෝ

අප දෙවි සමිඳුන් සමාන කවුරුදෝ

ඉහල තැන්හී අසුන් අරා සිටින්නෝ

ඉහළ පහළ දෙලොව ඇසැර බලන්නෝ

පහත වැටී ඉන්නන් යළි නගන්නෝ

කසල ගොඩින් දිළිඳුන් ඇදැ දමන්නෝ

රජ කුමරුන් ඇසරෙහි උන් තබන්නෝ

~ Singlish Lyrics ~

noyana thuru baesa

samindun nama pasasa gosin wanawa babulawa

aalelooyiya aalelooyiya

pasasa sitiwa samindun mehekaruwane

pasasa sitiwa nama himi pa sandunge

himipanan namata daenuth nithi dine

garu buhuman seth aasiri laebenne

adipathiyo wethi samido mula lowe

ethumo wethi mahimen maha uthumano

apa dewi samindun samana kawurudo

ihala thaenhee asun ara sitinno

ihala pahala delowa aesaera balanno

pahatha waetee innan yali naganno

kasala godin dilindun aedae damanno

raja kumarun aesarehi un thabanno

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →