← Back to all songs
HYMN

මට මිදීම දුන් දෙවිඳුන් හට පැසසුම් වේවා

ශුද්ධාත්මයාණන් · Holy Spirit

මට මිදීම දුන් දෙවිඳුන් හට පැසසුම් වේවා

මා වෙනුවෙන් තම පුතු දුන් දෙවිඳුට ස්තුතිවේවා

විනාශයෙන් මා මුදවා ජීවනයට පැමිණෙව්වා

පියවූ දෙවිඳුන් හට ස්තුතිවේවා

හා.... හාලේලුයියා.....ප්‍රශංසාවේ

පියවූ දෙවිඳුන්ට බල මහිමයවේ

හා.... හාලේලුයියා.....ප්‍රශංසාවේ

ත්‍රී එක දෙවිඳුන්ට බල මහිමයවේ

මා වෙනුවෙන් දිවි දුන් යේසුට පැසසුම් වේවා

කුරුසියේදී පුජාවූ සමිඳුට ස්තුතිවේවා

මරණය පාතාලය පරදා මළවුන්ගෙන් නැගිටුනා

යේසුස් සමිඳුන් හට ස්තුතිවේවා

හා.... හාලේලුයියා.....ප්‍රශංසාවේ

යේසුස් සමිඳුන්ට බල මහිමයවේ

හා.... හාලේලුයියා.....ප්‍රශංසාවේ

ත්‍රී එක දෙවිඳුන්ට බල මහිමයවේ

මට මගපෙන්වන සුදතුන් හට පැසසුම් වේවා

සැනසිලිකරුවානන් හට ස්තුතිවේවා

දෙව් බලයෙන් මා දිවි සරසා පෙරටම මා ගෙනයන්නා

ශුද්ධාත්මයාණන් හට ස්තුතිවේවා

හා.... හාලේලුයියා.....ප්‍රශංසාවේ

ශුද්ධාත්ම දෙවිඳුන්ට බල මහිමයවේ

හා.... හාලේලුයියා.....ප්‍රශංසාවේ

ත්‍රී එක දෙවිඳුන්ට බල මහිමයවේ

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →