← Back to all songs
HYMN #KG 63

සැලෙන හදින්

Saelena Hadin

දිව්‍ය පූජාව / සත්ප්‍රසාදය · Communion & Mass

පා නගන්න බැහැ තනියම ඝන අඳුරක් මැද

රෑ අඳුරේ මා තනි වී පාළ බිමක් මැද

මේ අඳුරේ ඔබ එනවද මගෙ දෙව සමිෙද්

කතර සරා වෙහෙස වෙලා සොය සොයා යමී

අඳුර සිදින පහන් එළිය සොයා මම යමී

පහන් දවන හිමි සෙවනේ දිවි ගෙවනෙමී

ගමන පාළ නැහැ සමිඳුනි ඔබ කැටුව එමී

මාර්ගයද ඇත්ත ද ජීවනය මම වෙමී

ඔබ තෙපලූ වදන් අසා ඔබ සොයා එමී

ජීවිතයට ආලෝකය ඔබයි කිතු හිමී

අඳුරෙ දිලෙන පහන් සිළව ඔබ මගේ දෙවි

අඳුර බිදන් එළිය අරන් ඔබ එනු දිටිමී

පාළ ගතිය තනිය මකන් ඔබ ගුණ ගයමී

මිනිස් හදත් එළිය කලෝ ඔබ බව දනිමී

පහන දවන් එළිය අරන් ඔබ කරා එමී

~ Singlish Lyrics ~

pa naganna baehae thaniyama gana andurak maeda

rae andure ma thani wee pala bimak maeda

me andure oba enawada mage dewa samid

kathara sara wehesa wela soya soya yamee

andura sidina pahan eliya soya mama yamee

pahan dawana himi sewane diwi gewanemee

gamana pala naehae saminduni oba kaetuwa emee

margayada aeththa da jeewanaya mama wemee

oba thepaloo wadan asa oba soya emee

jeewithayata aalokaya obayi kithu himee

andure dilena pahan silawa oba mage dewi

andura bidan eliya aran oba enu ditimee

pala gathiya thaniya makan oba guna gayamee

minis hadath eliya kalo oba bawa danimee

pahana dawan eliya aran oba kara emee

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →