← Back to all songs
HYMN #KG 58

හෙම්බල ජෙරුසෙලමේ

Hembala Jeruselame

දිව්‍ය පූජාව / සත්ප්‍රසාදය · Communion & Mass

ගය ගයා පසස හිමිපා

හෙමබල සියොනේ සමිඳුන් ඔබගේ

පසසව උදන් අනා

වාසල් දොරටු ඔබේ එතුමෝ තර කෙරුවෝ

දරු කැල ඔබෙ හෙවණේ සෙත් ආසිරි ලැබුවෝ

සීමා ඇතුළෙ ඔබේ සාමය ඇති කෙරුවෝ

සරුවට තිරිගු වවා ඔබ පුරවා ලූවෝ

හැම තැනැ දෙරණ පිටේ අණ පණිවුඩ යවනෝ

වචනේ එතුමන්ගේ දිවැයයි ලහි ලහියේ

බැටළ ලෝම වාගේ හිමිපා වස්වන්නෝ

අළ වැස්සක් වාගේ පිණි කැට විසුරන්නෝ

~ Singlish Lyrics ~

gaya gaya pasasa himipa

hemabala siyone samindun obage

pasasawa udan ana

wasal doratu obe ethumo thara keruwo

daru kaela obe hewane seth aasiri laebuwo

seema aethule obe samaya aethi keruwo

saruwata thirigu wawa oba purawa loowo

haema thaenae derana pite ana paniwuda yawano

wachane ethumange diwaeyayi lahi lahiye

baetala loma wage himipa waswanno

ala waessak wage pini kaeta wisuranno

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →