← Back to all songs
HYMN #KG 39

මා රැකවරණය

Ma Raekawaranaya

දිව්‍ය පූජාව / සත්ප්‍රසාදය · Communion & Mass

එතුමන් ඇති තැන මට හිග නොමැතේ

සමිදණෝ මාගේ එෙඩරාණෝය

මට කිසි දෙයකින් හිගයක් නොමැත්තේය

නිල්තණ බිම මත මා සතපවන සේක

නිසල දිය අසල මා ගෙන යන සේක

මා අඳුරු මිටියාවතේ සැරිසරතත්

කිසි දෙයකට මම බිය නොවෙමි

මක්නිසාදයත් ඔබ මා වෙතය

මාගේ ජීවිතයේ සෑම දිනකම

යහපත් කමත් කරුණාවත් මා පසු පස එන්නේය

සදාකාලයටම මම සමිදාණන්ගේ නිවසෙහි

ජීවත් වන්නෙමි

පිතා පුත?යා සහ ශඳ්ධාත්මයාණන්ට

දැනුත් සදාකල්හිත් මහිමය වේවා

~ Singlish Lyrics ~

ethuman aethi thaena mata higa nomaethe

samidano mage edaranoya

mata kisi deyakin higayak nomaeththeya

nilthana bima matha ma sathapawana seka

nisala diya asala ma gena yana seka

ma anduru mitiyawathe saerisarathath

kisi deyakata mama biya nowemi

maknisadayath oba ma wethaya

mage jeewithaye saema dinakama

yahapath kamath karunawath ma pasu pasa enneya

sadakalayatama mama samidanange niwasehi

jeewath wannemi

pitha puthaya saha shanddathmayananta

daenuth sadakalhith mahimaya wewa

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →