HYMN #B026
මහිමේ දෙවිඳුගේ රූපේ දරණා
Mahimea Dhevinndhugea Roopea Dharanaa
මහිමේ දෙවිඳුගේ රූපේ දරණා
සුරපුර යේසු තුමා
ප්‍රේමේ නරනිඳු සාමේ කුමරිඳු
බෝ සේ පසසමුවා
මෙලොවෙහි ආලෝකේ
පුදුමය නාමය වේ
මාගේ යේසු දිව්‍ය ලෝකේ
ප්‍රීති සාගරේ
සමිඳා දමිටුකමෙහි හිරුවේ
අදහනවුන් අතරේ
යුදා ගොතිරෙනා ආ ඒ සිහ රජ
පාපේ බර දැරුවේ
පෙම්වත් සමිඳුතුමා රුව ඇතේ
දස දහසක් අතරේ
මාගේ සියළුම උල්පත්
ඔබ තුළ සෑදී ඇත නිතොරේ
සමිගේ හිස සුදුවේය හිම සේ
ඇස ගිනි දැල් වැනි වේ
පාපේ විනිවිද යාවී බැලුමෙන
ඒ ශ්‍රී නයන යුගේ
සෙවනා කිතු හිමි වේය නිතරා
වෙහෙසවු දේශයකා
නාමේ සුරිඳුගේ බෝසේ මිහිරිය
මිහිරි සැමට වඩා
මැවුමේ නිති මුල වේය සුරනා
ආමෙන් නම දරනා
වේවා මහිමය දේවා පැසසුම
ත්‍රී එක දෙවිඳු හටා
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →