HYMN #B326
මහිමෙ රජ ඒවි සැණෙන් (ආසිරි ලත් දින)
Mahime Raja Eavi Sanen Aasiri Lath Dhina
මහිමෙ රජ ඒවි සැණෙන්
සියොන් දරුවෙනි දැන්
පිබිද ලෑස්තිවෙයව් ප්‍රියෙන්
සිහින් හණ වස්ත්‍රයෙන්
ආසිරි ලත් දින සැණෙන්ම එයි
සියොන්හි රන් වීණා හඬ ඇසෙයි
සුද්දවරුන් මධ්‍යයෙහි
දෙව්කුමරා සම්භවෙයි
ස්ත්‍රීන් අතරෙන් ඉතා රුව ඇත්
ක්‍රිස්තුස්ගේ සෝබන ඇත්
සියොන් දුවණි සැඟවී ඇත්
නොසොයා ලෝ කීර්තියත්
ආසිරි ලත් දින...
පරවියන් මෙන් වැළපෙන
ශබ්දය දැන් ඇසේය
ආත්ම නිසා බෝ වෙහෙසෙන
රුවෑති දුවණිය
ආසිරි ලත් දින...
මානෙල් මලක් මෙන් කටු මැද
වැඩේය පීඩා මැද
සුබාරංචිය ගෙන යන
පාදවල ලක්ෂණ
ආසිරි ලත් දින...
අරුණ මෙන් ඒ නැගී එන
සන්තෝෂෙන් පිබිදෙන
අහෝ තී බොහෝ සෝබනය
හිරු මෙන් ධර්මිෂ්ටය
ආසිරි ලත් දින...
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →