← Back to all songs
HYMN

මහිමයෙන් පිරිලා තේජසින් පිරිලා සිටිනා මගේ දෙවිඳුනි

Mahimayen Pirilaa Theajasin Pirilaa Sitinaa Magea Dhevinndhuni

ලෙන්ත් සහ කුරුසිය · Lent & Passion

මහිමයෙන් පිරිලා තේජසින් පිරිලා

සිටිනා මගේ දෙවිඳුනි

පහන් රුක් සතක් දරනා

ශුද්ධස්ථානේ සිටිනා

මගේ දෙවිඳුනි

ඔබව නමදින්නෙමි - //

සර්වවාසී සර්වඥාන ප්‍රේමනිය මගේ දෙවිඳුන්

අහස් තලයේ ගුවන් තලයේ මැවුම්කාර වූ මා රජිඳුන්

ඔබව නමදින්නෙමි - //

සිටියාවූ සිටින්නාවූ මතු පැමිණෙන්නාවූ දෙවිඳුන්

මුලු පොළොවේ සියල්ලේ අයිතිකාරයාණන් වූ රජිඳුන්

ඔබව නමදින්නෙමි - //

මහිමයෙන් පිරිලා තේජසින් පිරිලා

සිටිනා මගේ දෙවිඳුනි

පහන් රුක් සතක් දරනා

ශුද්ධස්ථානේ සිටිනා

මගේ යේසුනි

ඔබව නමදින්නෙමි - //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →