← Back to all songs
WORSHIP

විවර කෙරුණි සගයේ දොරක්

Wivara Keruni Sagaye Dorak

නත්තල් · Christmas

විවර කෙරුණි සගයේ දොරක්

ලොවට ඒ රැයේ

එසගය වෙතින් එවුනි දුතුන්

අහස් කුස වෙතේ

ගැළවුම්කරු බිහිවූ පුවත

ලොවට හෙළිවුනේ //

කුමරු අපත් ගලවනු ඇත

යමුව පසු පසේ

ජේසු ඉපදුනා

ලොව පහන් වුනා

ලොව පහන් වුනා

ජේසු ඉපදුනා

දිවියේ අරුත නොදැන පවේ

බැඳුනු ඔබ නිසයි

ආවේ මම ඔබ වෙනුවෙන්

දිවි පුදන්නටයි

දොම්නස සොම්නස කරවමි

සගට කැඳවමියි //

පැවසුවේ අප දේව කුමරු

මෙලෙස ඔබ නිසයි

ජේසු ඉපදුනා

ලොව පහන් වුනා

ලොව පහන් වුනා

ජේසු ඉපදුනා

හදතුළ රජ වෙන්න සදා

කුමරුනි අපේ

පවිටු කිළිටි තැන්

සෝදාලන්න කුමරුනේ

මහද ඔබගෙ මාළිගාව

කරන් කුමරුනේ //

එන්න මවෙත මෙ නත්තලෙත්

සාම කුමරුනේ

ජේසු ඉපදුනා

ලොව පහන් වුනා

ලොව පහන් වුනා

ජේසු ඉපදුනා

~ Artist: ගෞ. සිසිල් ද සිල්වා ~

~ Singlish Lyrics ~

wiwara keruni sagaye dorak

lowata e raeye

esagaya wethin ewuni duthun

ahas kusa wethe

gaelawumkaru bihiwoo puwatha

lowata heliwune //

kumaru apath galawanu aetha

yamuwa pasu pase

jesu ipaduna

lowa pahan wuna

lowa pahan wuna

jesu ipaduna

diwiye arutha nodaena pawe

baendunu oba nisayi

aawe mama oba wenuwen

diwi pudannatayi

domnasa somnasa karawami

sagata kaendawamiyi //

paewasuwe apa dewa kumaru

melesa oba nisayi

jesu ipaduna

lowa pahan wuna

lowa pahan wuna

jesu ipaduna

hadathula raja wenna sada

kumaruni ape

pawitu kiliti thaen

sodalanna kumarune

mahada obage maligawa

karan kumarune //

enna mawetha me naththaleth

sama kumarune

jesu ipaduna

lowa pahan wuna

lowa pahan wuna

jesu ipaduna

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →