← Back to all songs
WORSHIP

දෙවිඳුට විසඳිය නොහැකි පැනයක්

Dewinduta Wisandiya Nohaki Panayak

සුවය සහ මිදීම · Healing & Deliverance

දෙවිඳුට විසඳිය නොහැකි

පැනයක් නැත

එතුමට පහකළ නොහැකි

කන්දක්ද නැත

දෙවිඳුට සංසිද නොහැකි

කුණාටු නැත

එතුමට සනසන්නට බැරි

දුකක්ද නැත

එතුමන් මුළු ලොව උසුලන්නෙහි නම්

එතුම්ගෙ උර මත

ඔබ උසුලන බව නියතයි

මා සොයුර //

ලොව බිහිවන්න කලින්

ඔබෙ නම දන්නේ

කිසිවිට එතුමන් ඔබෙ අත

නොහරින්නේ

සොයුරේ ඔබ වෙනුවෙන්

හිමි දිවි දුන්නේ

බිය සැක හැරදා

එතුමන් අත ගන්නේ

එතුමන් මුළු ලොව උසුලන්නෙහි නම්

එතුම්ගෙ උර මත

ඔබ උසුලන බව නියතයි

මා සොයුර //

~ Singlish Lyrics ~

dewinduta wisandiya nohaeki

paenayak naetha

ethumata pahakala nohaeki

kandakda naetha

dewinduta sangasida nohaeki

kunatu naetha

ethumata sanasannata baeri

dukakda naetha

ethuman mulu lowa usulannehi nam

ethumge ura matha

oba usulana bawa niyathayi

ma soyura //

lowa bihiwanna kalin

obe nama danne

kisiwita ethuman obe atha

noharinne

soyure oba wenuwen

himi diwi dunne

biya saeka haerada

ethuman atha ganne

ethuman mulu lowa usulannehi nam

ethumge ura matha

oba usulana bawa niyathayi

ma soyura //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →