← Back to all songs
WORSHIP

සීතල රෑ මගෙ පුතු නිදියන්නේ

Seethala Ra Mage Puthu Nidiyanne

නත්තල් · Christmas

සීතල රෑ සීතල රෑ

මගෙ පුතු නිදියන්නේ

මව කියනා ගීත අසා

මගෙ පුතු නැලවෙන්නේ

දොයි දොයි

දොයිය පුතා

බයි බයි

බයිය පුතා //

දූතයෝ ගී ගයමින්නේ

මගෙ පුතු නලවන්නේ

අවිහින්සක දෙනුවන් පියමින්

මගෙ පුතු නිදියන්නේ

දොයි දොයි

දොයිය පුතා

බයි බයි

බයිය පුතා //

ආදරයෙන් ගව පැටවුන්

තනියට ලඟ සිටියේ

රුදුරු පවින් මනු සත මුදවන්නට

මගෙ පුතු ලොව වැඩියේ

දොයි දොයි

දොයිය පුතා

බයි බයි

බයිය පුතා //

~ Artist: ගෞ. ලක්ප්‍රිය ද සිල්වා ~

~ Singlish Lyrics ~

seethala rae seethala rae

mage puthu nidiyanne

mawa kiyana geetha asa

mage puthu naelawenne

doyi doyi

doyiya putha

bayi bayi

bayiya putha //

doothayo gee gayaminne

mage puthu nalawanne

awihinsaka denuwan piyamin

mage puthu nidiyanne

doyi doyi

doyiya putha

bayi bayi

bayiya putha //

aadarayen gawa paetawun

thaniyata langa sitiye

ruduru pawin manu satha mudawannata

mage puthu lowa waediye

doyi doyi

doyiya putha

bayi bayi

bayiya putha //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →