← Back to all songs
WORSHIP

අහස් පොළෝතල ගස්වැල්

Ahas Polo Thala Gas Wal

නත්තල් · Christmas

අහස් පොළෝතල ගස්වැල් කඳු හෙල්

ඉර හඳ තාරකා ගංගාවෝ

ගංගාවෝ ගංගාවෝ

මෙවන් සියලු දේ මවන්නටත් පෙර

සිටිසේක ධර්මයානෝ

ධර්මයානෝ ධර්මයානෝ

පියසමිඳුන් මිනිසුන්ව මවා

දර්මය දී පාපය පෙන්වා

ජීවන මඟ සැනසුම ලබනා

පෙන්වා දුනි ධර්මයෙන් එදා

එහෙත් පවිටු සිත් ඇති මිනිසා

ධර්මය වචනය අහක දමා

පාපයෙ ගැළෙමින් සිටිය නිසා

දේව උදහසට නියම වුනා

අහස් පොළෝතල ගස්වැල් කඳු හෙල්

ඉර හඳ තාරකා ගංගාවෝ

ගංගාවෝ ගංගාවෝ

මෙවන් සියලු දේ මවන්නටත් පෙර

සිටිසේක ධර්මයානෝ

ධර්මයානෝ ධර්මයානෝ

ප්‍රේමවනත වූ පියෙකු මෙසේ

දරුවන් හට දඬුවම් දෙනසේ

දෙන්නේ කෙලෙසද සෙනෙහෙ සිතේ

එකම පුතුව මෙළොවට එව්වේ

ධර්මය මිනිසත් බව ගත්තේ

ඉපදී ඇත අද ගව ඔරුවේ

අපගේ දඬුවම් විඳිමින්නේ

කුරුසිය වෙතටයි අර යන්නේ

අහස් පොළෝතල ගස්වැල් කඳු හෙල්

ඉර හඳ තාරකා ගංගාවෝ

ගංගාවෝ ගංගාවෝ

මෙවන් සියලු දේ මවන්නටත් පෙර

සිටිසේක ධර්මයානෝ

ධර්මයානෝ ධර්මයානෝ

~ Artist: ගෞ. ලක්ප්‍රිය ද සිල්වා ~

~ Singlish Lyrics ~

ahas polothala gaswael kandu hel

ira handa tharaka gangagawo

gangagawo gangagawo

mewan siyalu de mawannatath pera

sitiseka darmayano

darmayano darmayano

piyasamindun minisunwa mawa

darmaya dee papaya penwa

jeewana manga saenasuma labana

penwa duni darmayen eda

eheth pawitu sith aethi minisa

darmaya wachanaya ahaka dama

papaye gaelemin sitiya nisa

dewa udahasata niyama wuna

ahas polothala gaswael kandu hel

ira handa tharaka gangagawo

gangagawo gangagawo

mewan siyalu de mawannatath pera

sitiseka darmayano

darmayano darmayano

p‍remawanatha woo piyeku mese

daruwan hata danduwam denase

denne kelesada senehe sithe

ekama puthuwa melowata ewwe

darmaya minisath bawa gaththe

ipadee aetha ada gawa oruwe

apage danduwam windiminne

kurusiya wethatayi ara yanne

ahas polothala gaswael kandu hel

ira handa tharaka gangagawo

gangagawo gangagawo

mewan siyalu de mawannatath pera

sitiseka darmayano

darmayano darmayano

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →