අපිට නොපෙනෙන දෙවිදුන්
Apata Nopenena Dewidun
අපට නොපෙනෙන දෙවිඳුන්
පෙනෙන කෙනෙකුන් වූයේ
සියළු සත සැප සම්පත්
අතැර මිනිසෙකු වූයේ
නොපෙනෙන දෙවිඳුන් හට
පෙම් නොකළේ මනුදන //
එනිසයි බැති ලෙන්පුර
ඉපදුනෙ ගව ඔරුවක
වේවා දෙවිඳුන් හට මහිමා
වේවා මිනිසුන් හට කරුණා
දෙව් දුතුන් ගැයූ ගී
අදත් ඇසෙනවා
සවන්දෙන දනා
දෙවිඳුන් හමුවෙනවා //
දුගී එඬේරුන් එදා
හනික ගොහල වෙත ගියේ
දූතුන් කී ලෙසින් එදා
සිටින ලදරුවා දුටුවේ
නොපෙනෙන දෙවි සමිඳුන්
ගව ඔරුවක දුටු කල //
වැඳ වැටුනේ බැතියෙන්
තම හදවත පුද කොට
වේවා දෙවිඳුන් හට මහිමා
වේවා මිනිසුන් හට කරුණා
දෙව් දුතුන් ගැයූ ගී
අදත් ඇසෙනවා
සවන්දෙන දනා
දෙවිඳුන් හමුවෙනවා //
දවන යාග පූජා නොව
සමිඳු ඉල්ලන්නේ අද
තැළුනු බිඳුනු අපේ සිත
දෙමින පුද කරමින් අප
පෙනෙනා මිනිසුන් හට
පෙම් කලොත් සැබෑ ලෙස //
නොපෙනෙන දෙවිඳුන් ඔබ
තුළ වැඩ වසමින් ඇත
වේවා දෙවිඳුන් හට මහිමා
වේවා මිනිසුන් හට කරුණා
දෙව් දුතුන් ගැයූ ගී
අදත් ඇසෙනවා
සවන්දෙන දනා
දෙවිඳුන් හමුවෙනවා //
~ Artist: ගෞ. ලක්ප්‍රිය ද සිල්වා ~
~ Singlish Lyrics ~
apata nopenena dewindun
penena kenekun wooye
siyalu satha saepa sampath
athaera miniseku wooye
nopenena dewindun hata
pem nokale manudana //
enisayi baethi lenpura
ipadune gawa oruwaka
wewa dewindun hata mahima
wewa minisun hata karuna
dew duthun gaeyoo gee
adath aesenawa
sawandena dana
dewindun hamuwenawa //
dugee enderun eda
hanika gohala wetha giye
doothun kee lesin eda
sitina ladaruwa dutuwe
nopenena dewi samindun
gawa oruwaka dutu kala //
waenda waetune baethiyen
thama hadawatha puda kota
wewa dewindun hata mahima
wewa minisun hata karuna
dew duthun gaeyoo gee
adath aesenawa
sawandena dana
dewindun hamuwenawa //
dawana yaga pooja nowa
samindu illanne ada
thaelunu bindunu ape sitha
demina puda karamin apa
penena minisun hata
pem kaloth saebae lesa //
nopenena dewindun oba
thula waeda wasamin aetha
wewa dewindun hata mahima
wewa minisun hata karuna
dew duthun gaeyoo gee
adath aesenawa
sawandena dana
dewindun hamuwenawa //
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →