← Back to all songs
WORSHIP

අපිට නොපෙනෙන දෙවිදුන්

Apata Nopenena Dewidun

නත්තල් · Christmas

අපට නොපෙනෙන දෙවිඳුන්

පෙනෙන කෙනෙකුන් වූයේ

සියළු සත සැප සම්පත්

අතැර මිනිසෙකු වූයේ

නොපෙනෙන දෙවිඳුන් හට

පෙම් නොකළේ මනුදන //

එනිසයි බැති ලෙන්පුර

ඉපදුනෙ ගව ඔරුවක

වේවා දෙවිඳුන් හට මහිමා

වේවා මිනිසුන් හට කරුණා

දෙව් දුතුන් ගැයූ ගී

අදත් ඇසෙනවා

සවන්දෙන දනා

දෙවිඳුන් හමුවෙනවා //

දුගී එඬේරුන් එදා

හනික ගොහල වෙත ගියේ

දූතුන් කී ලෙසින් එදා

සිටින ලදරුවා දුටුවේ

නොපෙනෙන දෙවි සමිඳුන්

ගව ඔරුවක දුටු කල //

වැඳ වැටුනේ බැතියෙන්

තම හදවත පුද කොට

වේවා දෙවිඳුන් හට මහිමා

වේවා මිනිසුන් හට කරුණා

දෙව් දුතුන් ගැයූ ගී

අදත් ඇසෙනවා

සවන්දෙන දනා

දෙවිඳුන් හමුවෙනවා //

දවන යාග පූජා නොව

සමිඳු ඉල්ලන්නේ අද

තැළුනු බිඳුනු අපේ සිත

දෙමින පුද කරමින් අප

පෙනෙනා මිනිසුන් හට

පෙම් කලොත් සැබෑ ලෙස //

නොපෙනෙන දෙවිඳුන් ඔබ

තුළ වැඩ වසමින් ඇත

වේවා දෙවිඳුන් හට මහිමා

වේවා මිනිසුන් හට කරුණා

දෙව් දුතුන් ගැයූ ගී

අදත් ඇසෙනවා

සවන්දෙන දනා

දෙවිඳුන් හමුවෙනවා //

~ Artist: ගෞ. ලක්ප්‍රිය ද සිල්වා ~

~ Singlish Lyrics ~

apata nopenena dewindun

penena kenekun wooye

siyalu satha saepa sampath

athaera miniseku wooye

nopenena dewindun hata

pem nokale manudana //

enisayi baethi lenpura

ipadune gawa oruwaka

wewa dewindun hata mahima

wewa minisun hata karuna

dew duthun gaeyoo gee

adath aesenawa

sawandena dana

dewindun hamuwenawa //

dugee enderun eda

hanika gohala wetha giye

doothun kee lesin eda

sitina ladaruwa dutuwe

nopenena dewi samindun

gawa oruwaka dutu kala //

waenda waetune baethiyen

thama hadawatha puda kota

wewa dewindun hata mahima

wewa minisun hata karuna

dew duthun gaeyoo gee

adath aesenawa

sawandena dana

dewindun hamuwenawa //

dawana yaga pooja nowa

samindu illanne ada

thaelunu bindunu ape sitha

demina puda karamin apa

penena minisun hata

pem kaloth saebae lesa //

nopenena dewindun oba

thula waeda wasamin aetha

wewa dewindun hata mahima

wewa minisun hata karuna

dew duthun gaeyoo gee

adath aesenawa

sawandena dana

dewindun hamuwenawa //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →