← Back to all songs
WORSHIP

ශුද්ධය සේනාවල දෙවිඳුන්

Shuddaya senavala Dewidun

ස්තූති ගීතිකා · Praise

විශ්වය මැව් දෙවිඳුන්ගේ මහිමය

පොලොවද දෙවිඳුගෙ මහිමය ප්‍රකාශ කරයි

සේනාවල දෙවිඳුන් ශුද්ධය

මුළු පොලොවම මහිමයෙන් පැතිරී යයි

ශුද්ධය ශුද්ධය සේනාවල දෙවිඳුන් ශුද්ධය

බලවත්ය සවි බලවත් ය මහිමයෙන් පූර්ණය //

දයාවෙන් හා කරුණාවෙන් පූර්ණය

කෝපවීමට ඉතා ප්‍රමාදය

මා ගැන ඉවසන ප්‍රේමයේ උල්පත

මගේ යේසුස් පියාණන් ඔබමය

ශුද්ධය ශුද්ධය සේනාවල දෙවිඳුන් ශුද්ධය

බලවත්ය සවි බලවත් ය මහිමයෙන් පූර්ණය //

මහිමයත් බල පරාක්‍රමයත් ඔබගේය

අහසත් පොලවත් ඔබගේය

සියලු බලයත් හිමිවන්නේ ඔබටය

අපි සැවොමා වැඳ වැටී නමදිමුව

~ Artist: ගෞ. ක්‍රිශාන්ත ඩි සිල්වා ~

~ Singlish Lyrics ~

wishwaya maew dewindunge mahimaya

polowada dewinduge mahimaya p‍rakasha karayi

senawala dewindun shuddaya

mulu polowama mahimayen paethiree yayi

shuddaya shuddaya senawala dewindun shuddaya

balawathya sawi balawath ya mahimayen poornaya //

dayawen ha karunawen poornaya

kopaweemata itha p‍ramadaya

ma gaena iwasana p‍remaye ulpatha

mage yesus piyanan obamaya

shuddaya shuddaya senawala dewindun shuddaya

balawathya sawi balawath ya mahimayen poornaya //

mahimayath bala parak‍ramayath obageya

ahasath polawath obageya

siyalu balayath himiwanne obataya

api saewoma waenda waetee namadimuwa

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →