← Back to all songs
HYMN

මගේ සියළු මාර්ග වලදී ඔබ සිහි කරන්නෙමි

Magea Siyalu Maarga Valadhee Oba Sihi Karannemi

මගේ සියළු මාර්ග වලදී ඔබ සිහි කරන්නෙමි

ජීවිතයේ සැමදා ඔබ ගැන සිතන්නෙමි

සැපතේදී වුවත්, විපතේදී වුවත්

ඔබ මගේ දෙවිඳුන් බැව් සිහි කරමි - //

සමිඳේ ඔබේ ප්‍රේමේ නිමා නොවෙයි

ඔබ දයාබරයි, කරුණාවන්තයි

ඔබගෙන් වෙන් වී දිවි ගෙවනට මට නොහැකි

සමිඳේ ඔබට මා ආදරෙයි - //

මගේ සියළු දොම්නස් වලදී ඔබ සිහි කරන්නෙමි

සිනහා නැගෙනා විටදී ඔබ හට ස්තුති දෙන්නෙමි

අඳුරේදී වුවත්, එලියේදී වුවත්

ඔබ මා ලඟින්ම බැව් මා දනිමි - //

සමිඳේ ඔබේ ප්‍රේමේ නිමා නොවෙයි

ඔබ දයාබරයි, කරුණාවන්තයි

ඔබගෙන් වෙන් වී දිවි ගෙවනට මට නොහැකි

සමිඳේ ඔබට මා ආදරෙයි - //

මා ආදරෙයි (මා ආදරෙයි ) ///

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →