සමිදේ ඔබෙ කූඩාරමේ
Samide Obe Kudarame
සමිදේ ඔබෙ කූඩාරමේ
සැරිසරන්නෝ කවුරුදෝ
ඔබේ පිවිතුරු කඳුකරේ
පා තබන්නෝ කවුරුදෝ
සිතේ කිලුටක් නැතිව හැසිරෙන්නෝ
යුක්තිසහගත දෙයට තිත දෙන්නෝ
නුවක් සිතකින් ඇත්ත පවසන්නෝ
අනුන් අවමන් දිවෙන් නොකියන්නෝ
සමිදේ ඔබෙ කූඩාරමේ
සැරිසරන්නෝ කවුරුදෝ
ඔබේ පිවිතුරු කඳුකරේ
පා තබන්නෝ කවුරුදෝ
සොහොයුරන් හට නපුර නොපතන්නෝ
අනුන් හොඳ නම කිළිටි නොකරන්නෝ
සියලු දුසිරිත් කෙරෙන් දුරුවන්නෝ
සුසිරිතට නිරතුරුව හිත දෙන්නෝ
සමිදේ ඔබෙ කූඩාරමේ
සැරිසරන්නෝ කවුරුදෝ
ඔබේ පිවිතුරු කඳුකරේ
පා තබන්නෝ කවුරුදෝ
මුදල් දී ගිනි පොලී නොකරන්නෝ
අල්ලසක් ගෙන අනුන් නොපෙලන්නෝ
අහිංසකයන් පෙලා නොතලන්නෝ
නිදොස් අය පිට වරද නොතබන්නෝ
සමිදේ ඔබෙ කූඩාරමේ
සැරිසරන්නෝ කවුරුදෝ
ඔබේ පිවිතුරු කඳුකරේ
පා තබන්නෝ කවුරුදෝ
කුරිරුවන් අත දුරින් දුරලන්නෝ
සමිඳු ජන බුහුමනින් සලකන්නෝ
සමිඳු කාරිය පැහැර නොහරීන්නෝ
එබඳු අයමෙයි වාසනා ලද්දෝ
සමිදේ ඔබෙ කූඩාරමේ
සැරිසරන්නෝ කවුරුදෝ
ඔබේ පිවිතුරු කඳුකරේ
පා තබන්නෝ කවුරුදෝ
~ Singlish Lyrics ~
samide obe koodarame
saerisaranno kawurudo
obe piwithuru kandukare
pa thabanno kawurudo
sithe kilutak naethiwa haesirenno
yukthisahagatha deyata thitha denno
nuwak sithakin aeththa pawasanno
anun awaman diwen nokiyanno
samide obe koodarame
saerisaranno kawurudo
obe piwithuru kandukare
pa thabanno kawurudo
sohoyuran hata napura nopathanno
anun honda nama kiliti nokaranno
siyalu dusirith keren duruwanno
susirithata nirathuruwa hitha denno
samide obe koodarame
saerisaranno kawurudo
obe piwithuru kandukare
pa thabanno kawurudo
mudal dee gini polee nokaranno
allasak gena anun nopelanno
ahingasakayan pela nothalanno
nidos aya pita warada nothabanno
samide obe koodarame
saerisaranno kawurudo
obe piwithuru kandukare
pa thabanno kawurudo
kuriruwan atha durin duralanno
samindu jana buhumanin salakanno
samindu kariya paehaera nohareenno
ebandu ayameyi wasana laddo
samide obe koodarame
saerisaranno kawurudo
obe piwithuru kandukare
pa thabanno kawurudo
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →