ආදර මගෙ යේසුනේ
Adara Mage Yesune
ආදර මගෙ යේසුනේ
ඔබේ කරුණා ගුණ ලෙසේ
අයුතුකම් අපරාද මගේ
සෝදාලුව මැනේ
කුමක් කරන්නද නෑ වැටහෙන්නේ
කාට කියන්නද නැත මම දන්නේ
එනිසා එමි මම ඔබ වෙත සමිඳේ
පිරිසිදු කළ මැන මා දැන් දෙවිඳේ //
ආදර මගෙ යේසුනේ
ඔබේ නොනිමෙන පෙම ලෙසේ
නපුරු සිතුවිලි මා හදේ
මැකුව මැන අනේ
දෙවිඳුනි ඔබ සිත රිදෙන දේ කළා
පවිටුවෙකු ලෙසින් ලොවට බිහි වුනා
කිලුටු වූ මගේ හදට වැඩිය මැන
සුදු වන්නෙමි මම හිමට වඩා //
ආදර මගෙ යේසුනේ
ඔබේ කරුණා ගුණ ලෙසේ
පිවිතුරු සිත මා තුළේ
මැවුව මැන පියේ
ඔබ හමුවෙන් මා පැහැර නොකළ මැන
ශුද්ධාත්මෙනි මා අත්නාරිනු මැන
ගැළවීමෙ ප්‍රීතිය නැවතත් දුන මැන
පසසමි ඔබ ඇති තුරු මගෙ පන නළ //
ආදර මගෙ යේසුනේ
තැලුණු බිඳි හදවත මගේ
පුදන්නෙමි යාගය ලෙසේ
පිළිගන්න දැන් අනේ ////
~ Singlish Lyrics ~
aadara mage yesune
obe karuna guna lese
ayuthukam aparada mage
sodaluwa maene
kumak karannada nae waetahenne
kata kiyannada naetha mama danne
enisa emi mama oba wetha saminde
pirisidu kala maena ma daen dewinde //
aadara mage yesune
obe nonimena pema lese
napuru sithuwili ma hade
maekuwa maena ane
dewinduni oba sitha ridena de kala
pawituweku lesin lowata bihi wuna
kilutu woo mage hadata waediya maena
sudu wannemi mama himata wada //
aadara mage yesune
obe karuna guna lese
piwithuru sitha ma thule
maewuwa maena piye
oba hamuwen ma paehaera nokala maena
shuddathmeni ma athnarinu maena
gaelaweeme preethiya naewathath duna maena
pasasami oba aethi thuru mage pana nala //
aadara mage yesune
thaelunu bindi hadawatha mage
pudannemi yagaya lese
piliganna daen ane ////
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →