මේ මිහිතලයේ
Me Mihi Thalaye
මේ මිහිතලයේ ඈත අහසේ
තාරුකා මල් පිපිලා
යුගෙන් යුගයට මිනිස් හදවත
වේදනාවෙන් මුදාලා
මානව භක්තිය මිනිස් හදේ දුක
අඳුනන කෙනෙකුන් ඉපදිලා //
අහස් ඉර හඳ ඇති තුරා
වහල් බවකින් සරසලා //
දුගී මිනිසුන් තලන පෙළනා
කුහක මිනිසුන් පරදවා
විමුක්තියේ රන් දොරටු අරින්නට
ගව ඔරුවක් තුළ සැතපීලා //
මලානික නෙත් පුබුදුවා
එකම පවුලක පිහිටුවා //
කිතු තුමන් ගිය විමුක්තියේ මඟ
සහෝදරයන් එක් වෙලා
ධනයට බලයට මින්පසු නැහැ යට
සමිඳුනි ඔබ වෙත අපි එනවා //
පරන දේ පහ වී ගියා
අලුත් දෙය වෙත සිත ගියා //
නව සමාජය ගොඩනඟන්නට
කිතුණු මඟ වෙත නෙත් යොමා
ඔබගේ කුරුසිය පාමුල අභියස
සැනසුම සොයමින් එක් වෙනවා //
මේ මිහිතලයේ ඈත අහසේ
තාරුකා මල් පිපිලා
යුගෙන් යුගයට මිනිස් හදවත
වේදනාවෙන් මුදාලා
මානව භක්තිය මිනිස් හදේ දුක
අඳුනන කෙනෙකුන් ඉපදිලා //
~ Artist: ගෞ. ලක්ප්‍රිය ඩි සිල්වා ~
~ Singlish Lyrics ~
me mihithalaye aetha ahase
tharuka mal pipila
yugen yugayata minis hadawatha
wedanawen mudala
manawa bakthiya minis hade duka
andunana kenekun ipadila //
ahas ira handa aethi thura
wahal bawakin sarasala //
dugee minisun thalana pelana
kuhaka minisun paradawa
wimukthiye ran doratu arinnata
gawa oruwak thula saethapeela //
malanika neth pubuduwa
ekama pawulaka pihituwa //
kithu thuman giya wimukthiye manga
sahodarayan ek wela
danayata balayata minpasu naehae yata
saminduni oba wetha api enawa //
parana de paha wee giya
aluth deya wetha sitha giya //
nawa samajaya godanangannata
kithunu manga wetha neth yoma
obage kurusiya pamula abiyasa
saenasuma soyamin ek wenawa //
me mihithalaye aetha ahase
tharuka mal pipila
yugen yugayata minis hadawatha
wedanawen mudala
manawa bakthiya minis hade duka
andunana kenekun ipadila //
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →