← Back to all songs
WORSHIP

නුඹගේ කූඩාරම

Numbage Kudarama

ස්තූති ගීතිකා · Praise

නුඹගේ කූඩාරම එලිය කරන දෙවිඳුන් මමයි

නුඹ පැතිරී යන දේශය ගෙන දෙන්නේ මමයි

එහි තිර විහිදුවා ඇණ ලණුත් සවිකලා

පාළුවූ දේශය ජනයන්ගෙන් පුරවන්නේ

ඔබමයි ඔබමයි

ලුහුඬු මොහොතක අත්හැරියත් අප

අනුකම්පාවෙන් කැඳවා ගත්තේ

කඳු පර්වත සැම පහවී යන්නේ

කරුණාව ඔබේ පහව නොයන්නේ

එබැවින් බිය නොවෙම් මා මෙදා

සමිඳුන් මා සමගයි සදා

දෙවිඳුගේ සරණ යන්නෝ

කිසිදා නොපැකිලෙන්නෝ

අපිමයි අපිමයි

~ Artist: ගෞ. ගුළවිටගේ නිශාන්ත ~

~ Singlish Lyrics ~

numbage koodarama eliya karana dewindun mamayi

numba paethiree yana deshaya gena denne mamayi

ehi thira wihiduwa aena lanuth sawikala

paluwoo deshaya janayangen purawanne

obamayi obamayi

luhundu mohothaka athhaeriyath apa

anukampawen kaendawa gaththe

kandu parwatha saema pahawee yanne

karunawa obe pahawa noyanne

ebaewin biya nowem ma meda

samindun ma samagayi sada

dewinduge sarana yanno

kisida nopaekilenno

apimayi apimayi

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →