මා තුලට වඩිමින් අද
Ma Thulata Wadimin Ada
මා තුලට වඩිමින් අද රජකරන් සමිදේ
ඔබේ සිහසුන මා හද තුළ ස්ථීර කරන් සමිදේ //
ඔබ කල දේ සිහි කරමි
මුළු හදින් ස්තුති කරමි
ඔබේ නාමෙන් මා සෑම දේ ජය ගනිමී...
ඔබේ වදන් නොඇසූ මා යළි තනි වුවා
කැළඹුණු මට සරණක් නැත යයි සිතුනා
පසුතැවිලි වී යළි මා ඔබ වෙත හැරුණා
ප්‍රේමෙන් පිරි ඔබගෙන් මට කමාව ලැබුණා
කඳුලින් පිරි මගේ දිවිය සතුටින් පුරවා දුන් ඔබ
මා හද තුල සදාකල්ම රජ කල මැනව
ලතැවිල්ල හැරදා මා ලැබගෙන ඔබගේ සවිය
සැමදේම ජය ගනිමී ඔබේ නාමයෙන්
~ Artist: ගෞ. එනන් ස්ලෙජස් ~
~ Singlish Lyrics ~
ma thulata wadimin ada rajakaran samide
obe sihasuna ma hada thula stheera karan samide //
oba kala de sihi karami
mulu hadin sthuthi karami
obe namen ma saema de jaya ganimee...
obe wadan noaesoo ma yali thani wuwa
kaelambunu mata saranak naetha yayi sithuna
pasuthaewili wee yali ma oba wetha haeruna
premen piri obagen mata kamawa laebuna
kandulin piri mage diwiya sathutin purawa dun oba
ma hada thula sadakalma raja kala maenawa
lathaewilla haerada ma laebagena obage sawiya
saemadema jaya ganimee obe namayen
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →