← Back to all songs
WORSHIP

අලුත් සිතක්

Aluth Sithak

ස්තූති ගීතිකා · Praise

අළුත් සිතක් නව ආත්මයක්

දෙවිඳු පමණයි ගෙන දෙන්නේ

පිරුණු හදක් ජීවනයත්

සමිඳු පමණයි ගෙන දෙන්නේ //

මා සමිඳුන්ගේ හස්තය බලා

සවිය අළුත් කරගමී

එතුමන් දෑතින් සවිය ලබා

රාජලියෙකුසේ පියඹා යමී

වෙහෙසවූ දිවියේ බර උසුලන සැම

ලොව මැවූ දෙවිඳුන් වෙත එනු මැන අද

දුබලවූ සැම හට ශක්තිය ගෙන දෙන

බලවත් දෙවිඳුන් වෙහෙස නොවනු ඇත

පවිටුවූ මාගේ හද සේදුව මැන

ස්ථිර ආත්මයක් මට දුන මැන

ගැලවීමේ ප්‍රීතිය මට දුන මැන

අළුත් සිතක් මා තුල සදනුව මැන

~ Artist: ගෞ. ගුළවිටගේ නිශාන්ත ~

~ Singlish Lyrics ~

aluth sithak nawa aathmayak

dewindu pamanayi gena denne

pirunu hadak jeewanayath

samindu pamanayi gena denne //

ma samindunge hasthaya bala

sawiya aluth karagamee

ethuman daethin sawiya laba

rajaliyekuse piyamba yamee

wehesawoo diwiye bara usulana saema

lowa maewoo dewindun wetha enu maena ada

dubalawoo saema hata shakthiya gena dena

balawath dewindun wehesa nowanu aetha

pawituwoo mage hada seduwa maena

sthira aathmayak mata duna maena

gaelaweeme p‍reethiya mata duna maena

aluth sithak ma thula sadanuwa maena

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →