සාමය සොම්නස සතුට පතා
Samaya Somnasa Sathuta Patha
සාමය සොම්නස සතුට පතා
අපි අද එන්නෙමු ඔබ වෙතටා //
කිතුණු බැතියෙන් නැවුම් මිහිරෙන්
ඔබේ හදවත් සිසිල කලා
ඔබේ හදවත් සිසිල කලා
සතර දිගින් රජවරු ආවේ
එතුම පුදන්නයි ගව ඔරැවේ //
ජාති භේද නැත කුලභේද නැත
සැම සත දෙස එක ලෙස බැලුවේ
වෛරය ක්‍රෝධය දුරලන්නයි
උඩඟුකමෙන් සිත මුදවන්නයි //
පවින් මිනිස් හද ගලවා සැනසුම
හදවත තුල පුරවා ලන්නයි
සොහොයුරු පෙම පෙන්වා කිතුනූ
පිරිපුන් දිවියක් අපි පතමු //
ජේසුස් ගිය මග අපි ගොස් එකතුව
නව සමාජයක් ගොඩනගමු
~ Artist: ගෞ. ලක්ප්‍රිය ද සිල්වා දේවගැතිතුමා සහ ශම්‍යා ද සිල්වා ~
~ Singlish Lyrics ~
samaya somnasa sathuta patha
api ada ennemu oba wethata //
kithunu baethiyen naewum mihiren
obe hadawath sisila kala
obe hadawath sisila kala
sathara digin rajawaru aawe
ethuma pudannayi gawa oraewe //
jathi beda naetha kulabeda naetha
saema satha desa eka lesa baeluwe
wairaya krodaya duralannayi
udangukamen sitha mudawannayi //
pawin minis hada galawa saenasuma
hadawatha thula purawa lannayi
sohoyuru pema penwa kithunoo
piripun diwiyak api pathamu //
jesus giya maga api gos ekathuwa
nawa samajayak godanagamu
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →