← Back to all songs
WORSHIP

දෙවිඳේ ඔබ කවරෙකුදෝ

Devide Oba Kawarekudo

නමස්කාරය · Worship

දෙවිඳේ ඔබ කවරෙකුදෝ

සැමදේ මැවු දෙව් සමිඳුන් ය

සැම කුණාටුවන් සැඩ සුළගත්

ඔබෙ වචනයට සැම කීකරු වේ //

යේසුස්ගේ නාමයෙන් සැම විලඟු බිඳ දමයි

යේසුස්ගේ නාමයෙන් සැම යකු බල පහවී යයි

යේසුස්ගේ නාමයෙන් සැම බලකොටු බිඳ දමයි

යේසුස්ගේ නාමයෙන් අතීශයින් ජය

සැම මොහොතේදී ඔබ නමදිමී

සව්බලැති දෙව් රජුන් ඔබ වේ

සෑම විපතේදී සැම රෝගයේදී

ඔබ මා සුරැකිව ගෙන යයි //

~ Artist: ගෞ. පියෝ ආනන්දප්පා ~

~ Singlish Lyrics ~

dewinde oba kawarekudo

saemade maewu dew samindun ya

saema kunatuwan saeda sulagath

obe wachanayata saema keekaru we //

yesusge namayen saema wilangu binda damayi

yesusge namayen saema yaku bala pahawee yayi

yesusge namayen saema balakotu binda damayi

yesusge namayen atheeshayin jaya

saema mohothedee oba namadimee

sawbalaethi dew rajun oba we

saema wipathedee saema rogayedee

oba ma suraekiwa gena yayi //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →