← Back to all songs
HYMN

මගේ පාප සේදුවේ හිම මෙන් සුදු කළේ

Magea Paapa Seadhuvea

මගේ පාප සේදුවේ

හිම මෙන් සුදු කළේ

මගේ ශාප දුරු කළේ

මා නව මිනිසෙකු කළේ

ඒ නාමය, උසස් වූ නාමය

රජුන්ගේ රජුමය

ස්වාමින්ගේ ස්වාමින්ය

ඒ නාමය, උසස් වූ නාමය

මට ජය ගෙනදෙන

යෙහෝවා නිස්සි නාමය

මගේ රෝග සුව කළේ

සැම කඳුල පහ කළේ

මා දිවි උසස් කළේ

මා නව මිනිසෙකු කළේ //

ඒ නාමය, උසස් වූ නාමය

මට සුව ගෙනදෙන

යෙහෝවා රාෆා නාමය //

ඒ නාමය, උසස් වූ නාමය

රජුන්ගේ රජුමය

ස්වාමින්ගේ ස්වාමින්ය

ඒ නාමය, උසස් වූ නාමය

සාමය ගෙනදෙන

යෙහෝවා ශාලොම් නාමය

ඒ නාමය, උසස් වූ නාමය

රජුන්ගේ රජුමය

ස්වාමින්ගේ ස්වාමින්ය

ඒ නාමය, උසස් වූ නාමය

මට සැම සපයන

යෙහෝවා යයිරේ නාමය

මගේ හදට ලං වුනේ

නිරතුරු මා සැනසුවේ

මට මිතුරෙකු වුනේ

මා නව මිනිසෙකු කළේ //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →