← Back to all songs
WORSHIP

මා කැඳවූ දෙවිඳේ

Maa Kandawuu Dewinde

නමස්කාරය · Worship

තනිව මා හඬන විටදී ලඟ සිටියේ කවුරුන්ද

දරාගත නොහැකි විටදී මා ඉසුලූවේ කවුරුන්ද //

කඳුලූ සලා හඬනා විටදී එය ඇසුවේ කවුරුන්ද

ඔබෙ කරුණාව නොමැතිනම් මාද නැතිය //

ඔබෙ කරුණා දයා ගුණේ

සැමදාමත් මට ඕනේ

ඔබෙ කරුණාව නොමැතිනම්

මා ජීවත් නොවේ

ඔබෙ කරුණා දයා ගුණේ

සැමදාමත් මට ඕනේ

ඔබෙ කරුණාව නොමැතිනම්

මා ජීවත් නොවේ යේසුනී

මා කැඳවූ දෙවිඳේ මා ස්පර්ශ කළේ

ඔබ නොමැතිව මා කිසිවක් නොවේ //

මගෙ ජීවිතේ සැමදාමත්

දිවි මාවතේ ගෙන යාමත්

ඔබෙ උසස්ම දේ ලැබුනේ ඔබෙ කරුණාවේ //

මා යැයි කියන්න මට කිසිවක් නැත්තේ

හැකියාවයි කියන්න මා ළග කිසිත් නැතේ //

නොවටිනා මාව රැගෙන උසස් කළේ කරුණාවයි //

ඔබෙ කරුණාව නොමැතිනම් මාද නැතිය //

~ Singlish Lyrics ~

thaniwa ma handana witadee langa sitiye kawurunda

daragatha nohaeki witadee ma isuloowe kawurunda //

kanduloo sala handana witadee eya aesuwe kawurunda

obe karunawa nomaethinam mada naethiya //

obe karuna daya gune

saemadamath mata one

obe karunawa nomaethinam

ma jeewath nowe

obe karuna daya gune

saemadamath mata one

obe karunawa nomaethinam

ma jeewath nowe yesunee

ma kaendawoo dewinde ma sparsha kale

oba nomaethiwa ma kisiwak nowe //

mage jeewithe saemadamath

diwi mawathe gena yamath

obe usasma de laebune obe karunawe //

ma yaeyi kiyanna mata kisiwak naeththe

haekiyawayi kiyanna ma laga kisith naethe //

nowatina mawa raegena usas kale karunawayi //

obe karunawa nomaethinam mada naethiya //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →