වැටි වැටි මා යලි යලි නැගිටින විට
Wati Wati Ma Yali Nagitina Vita
වැටි වැටි මා යලි යලි නැගිටින විට
මගෙ අත ගෙන මග පෙන්වුවා
විඩාව මගෙ සිත සසල කරන විට
දිරිය දෙවන සිතුවිලි එවිවා
සමිදේ සමිදේ
මා මග සලකුණ ඔබ වේ
සමිදේ සමිදේ
මා දිවිය සවිය ඔබ වේ
තන්හා කාමය දෑස වැසූ විට
සැබෑ සතුට මට පෙන්වුවා
ජීවිත අරමුණ නොපෙනී යනවිට
එලිය දෙවන ඔසුවක් වුවා
සමිදේ සමිදේ
මා සැපත සතුට ඔබ වේ
සමිදේ සමිදේ
මා දිව්‍ය ඔසුව ඔබවේ
නැතිබැරි කම මා මිරිකා සිටි විට
මිනිස් වෙසින් සරණය වුවා
මිතුරන් මා අත් හැර තනිකල විට
ඔබ මා ලග සිට සැනසූවා
සමිදේ සමිදේ
සරණ සදා ඔබ වේ
සමිදේ සමිදේ
නිති සැනසුම ඔබ වේ
~ Artist: ගෞ. රූකාන්ත ගුණතිලක ~
~ Singlish Lyrics ~
waeti waeti ma yali yali naegitina wita
mage atha gena maga penwuwa
widawa mage sitha sasala karana wita
diriya dewana sithuwili ewiwa
samide samide
ma maga salakuna oba we
samide samide
ma diwiya sawiya oba we
thanha kamaya daesa waesoo wita
saebae sathuta mata penwuwa
jeewitha aramuna nopenee yanawita
eliya dewana osuwak wuwa
samide samide
ma saepatha sathuta oba we
samide samide
ma diwya osuwa obawe
naethibaeri kama ma mirika siti wita
minis wesin saranaya wuwa
mithuran ma ath haera thanikala wita
oba ma laga sita saenasoowa
samide samide
sarana sada oba we
samide samide
nithi saenasuma oba we
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →