HYMN #B025
මගේ ජීවනයම ඔබ වේ
Magea Jeevanayama Oba Vea
මගේ ජීවනයම ඔබ වේ
ඔබ මගේ රැකවරණය වේ
ගැලවුම් මාර්ගය සත්‍යය ඔබමයි
සබෑවයි සමිඳේ සබෑවයි
ආවේ ජීවනයම දෙන්නයි
වැඩි වැඩියෙන් දෙන්නයි
සැමකල දිරි දෙන ඔබ බලයයි
මගෙ දිවි ඔබ නතු වෙයි
ඔබ ඇති අය වෙත ජීවනයයි
නැති අය වෙත මරණේ
නොබියව නොසැලී සිටිනට සැමකල්
කැඳවනු මගේ නම කියලා
ජලයේ මැදිනා යන කලටා
ඇත මට ඔබ පිහිටා
මැදිනා යන කල මහ ගංගා
නොගලයි මා උඩිනා
ගිනි මැද යන කල මා නොදැවේ
ගිනි දැල් නොම ඇවිලේ
ඔබ මගේ දෙවි වේ
බිය සැක නොදැනේ
තුති වේ සමිඳේ තුති වේ
සව් ලෝ සතුනට සෙත දෙන්නයි
කිතු සිත පතුරන්නයි
ජීවන ජලයෙන් නහවන්නයි
රැකවරණය දෙන්නයි
ගැලවුම් මාර්ගය සලසන්නයි
පිළිතුරු ඔබ වෙන්නයි
ම පැතුම එය වේ
ඔබ ඉටු දෙවි වේ
තුති වේ සමිඳේ තුති වේ
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →