← Back to all songs
HYMN

මගේ හදවතේ හැඟුමක් පුරා

Magea Hadhavathea Hanngumak Puraa

ලෙන්ත් සහ කුරුසිය · Lent & Passion

මගේ හදවතේ, හැඟුමක් පුරා

ලියවෙන්නේ ඔබගේ නමයි

මා ගන්නා වූ, හුස්මක් පුරා

වැටහෙන්නේ ඔබේ ප්‍රේමයයි

මගේ නෙත්වලින් ගැලු කඳුලක් පුරා

සැනසූයේ යේසුනි ඔබයි

මගේ ජීවිතේ, ගෙවෙනා තුරා

ලඟ ඉන්නේ දෙවිඳුනි ඔබයි

ඔබේ දෑතේ ගෙනයන්න මා

දිවිගමන ගෙවෙනා තුරා

තුරුලේම සනසන්න මා

මගේ කඳුළු නිවෙනා තුරා //

මගේ නමා ඔබේ, අතෙහි ලියා

ඒ දෙස බලා, මගේ පුතු කියා

ඔබෙ දිවි පුදා, මට පෙම් කලා

පුදුමයි ඔබේ, ප්‍රේමය සදා

ඔබේ දෑතේ ගෙනයන්න මා

දිවිගමන ගෙවෙනා තුරා

තුරුලේම සනසන්න මා

මගේ කඳුළු නිවෙනා තුරා //

දිවියේ පුරා, මට ලං වෙලා

සෙනෙහේ පුදා, මට පෙම් කලා

මතුදාක මා, ඔබගෙම වෙලා

සගයේ හිඳින්නම් දෙවිඳුනි සදා

මගේ හදවතේ, හැඟුමක් පුරා

ලියවෙන්නේ ඔබගේ නමයි

මා ගන්නා වූ, හුස්මක් පුරා

වැටහෙන්නේ ඔබේ ප්‍රේමයයි

මගේ නෙත්වලින් ගැලු කඳුලක් පුරා

සැනසූයේ යේසුනි ඔබයි

මගේ ජීවිතේ, ගෙවෙනා තුරා

ලඟ ඉන්නේ දෙවිඳුනි ඔබයි

ඔබේ දෑතේ ගෙනයන්න මා

දිවිගමන ගෙවෙනා තුරා

තුරුලේම සනසන්න මා

මගේ කඳුළු නිවෙනා තුරා //

පද රචනය, තනු නිර්මාණය හා ගායනය:

දේව දරුවෙකු වන නිමේශ් ප්‍රනාන්දු, මල්මි රෂ්මිදා

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →