රන් සීනු හැඬවී
Ran Seenu Handawee
රන් සීනු හැඬවී රිදී සීනු හැඬවී
ආදරේට මැදිවී දෙහදක් එක් වුනා
මල් රේණු පිපිලා ජය ගීතිකාව ගයලා
ජීවිතෙහි ඔබගේ පිටුවක් පෙරලුනා //
මංගලම් ජයසිරි මංගලම්
ඔබෙ යුග ජීවිතේ ජය වේවා
මංගලම් සිරිසුබ මංගලම්
ඔබෙ නව ජීවිතේ ජය වේවා
නෑ මිතුරන් මැද්දේ පැලඳී මංගල මුද්දේ
ප්‍රීති ගීයක සද්දේ සුළඟේ තැවරුනා
කොවුල් ගීතය මැද්දේ පැතුම් ආසිරි මැද්දේ
ජීවිතෙහි ඔබගේ පිටුවක් පෙරලුනා //
~ Artist: ගෞ.ඇනස්ලි මාලේවන ~
~ Singlish Lyrics ~
ran seenu haendawee ridee seenu haendawee
aadareta maediwee dehadak ek wuna
mal renu pipila jaya geethikawa gayala
jeewithehi obage pituwak peraluna //
mangagalam jayasiri mangagalam
obe yuga jeewithe jaya wewa
mangagalam sirisuba mangagalam
obe nawa jeewithe jaya wewa
nae mithuran maedde paelandee mangagala mudde
preethi geeyaka sadde sulange thaewaruna
kowul geethaya maedde paethum aasiri maedde
jeewithehi obage pituwak peraluna //
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →